Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තට්ටු නිවාසයෙන් වැටී මියගිය නදීකා ගැන යෙහෙළියක් සාක්ෂි දෙයි
    Featured

    තට්ටු නිවාසයෙන් වැටී මියගිය නදීකා ගැන යෙහෙළියක් සාක්ෂි දෙයි

    By LFNMay 20, 2023No Comments2 Mins Read241 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිංගප්පූරුවේ මහල් නිවාස සංකීර්ණයකින් වැටී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ දේහය අද (20) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

    මෙලෙස මියගොස් තිබුණේ එරට ගෘහ සේවයේ යෙදී සිටි නදීකා දිල්ෂානි නම් 42 හැවිදිරි කාන්තාවකි.

    ඇයගේ ඥාතීන් පවසන්නේ ඇය සේවය කළ නිවෙස්හිමියාගෙන් එල්ලවූ දැඩි මානසික පීඩනය දරාගත නොහැකි තත්ත්වයකින් ඇය පසුවූ බවය.

    දංකොටුව, මොටැමුල්ල ප්‍රදේශයේ පදිංචි නදීකා දිල්ෂානි ප්‍රනාන්දු සයිප්‍රස් සහ තුර්කියේ වසර 10ක් සේවය කළ ගෘහ සේවිකාවකි.

    ඇය ඉන් උපයාගත් මුදලින් දෙමහල් නිවසක් ඉදිකිරීම අරඹන අතර ඇඟලුම් ව්‍යාපාරයක් සඳහා ද ඇය මුදල් ආයෝජනය කර තිබුණි.

    නමුත්, නිවසේ ඉහළ මහළයේ වැඩ නිමකිරීමට තරම් ආරම්භ කළ ව්‍යාපාරයෙන් මුදල් නොලැබීම මත නදීකා පසුගිය දෙසැම්බර් 03 වනදා ගෘහ සේවය සඳහා සිංගප්පූරුවට ගොස් තිබුණි.

    ඇය එහි රැකියාවට යොමුකරන්නේ, කුරුණෑගල විදේශ රැකියා ආයතනයක් විසිනි.

    ඥාතීන් පවසන්නේ, එම නිවසේ වැඩ අධික බවත් දෙන කෑම ආහාරයට ගැනීමට නොහැකි බවටත් සිදුකළ දැනුම්දීමෙන් පසුව රැකියා ඒජන්සිය විසින් ඇය වෙනත් නිවසකට යොමුකළ බවය.

    ඒ අනුව ඇය යොමු කර තිබුණේ මහල් නිවාස සංකීර්ණයක 8 වැනි මහලේ නිවසකටය.

    එම නිවසේත් දින කිහිපයක් සේවය කළ නදීකා ඥාතීන්ට දැනුම් දී ඇත්තේ, නිවෙස්හිමියා දැඩි සැර පරුෂ අයෙක් බැවින් එහි සේවය කිරීම ද දුෂ්කර බවය.

    තමාට එල්ලවී ඇති මෙම පීඩනය සම්බන්ධයෙන් නදීකා සිංගප්පූරුවේ සිටින යෙහෙළියකට ද පවසා තිබුණි.

    ඒ අනුව ඇය යළි ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඥාතීන් උත්සාහ කළත් එය ප්‍රමාදව තිබුණේ, විදේශ රැකියා ආයතනයේ ඉල්ලීම මතය.

    මේ කාලය තුළ පසුගිය 16 වනදා උදෑසනම නදීකා සිය සැමියාට දුරකථන ඇමතුමක් ගෙන තිබුණත් ඇය වැඩිවේලාවක් එහිදී කතාකර තිබුණේ නැත.

    කිසිදු සරණක් නොමැති තැන නදීකා සිය යෙහෙළියට හඬපටයක් ද යොමුකරන්නේ, තමාට එල්ලවන පීඩනය තවදුරටත් වැඩිවී ඇති බවටය.

    දෛනිකව දෙවතාවක් නිවසට ඇමතුම් ගන්නා නදීකාගෙන් දුරකථන ඇමතුමක් නොලැබීම හේතුවෙන් ඇයගේ සැමියා විදේශ රැකියා ඒජන්සිය අමතා කරුණු විමසා තිබුණි.

    එහිදී ඔහුට දැනගන්නට ලැබී ඇත්තේ, නදීකා තමන් සේවය කළ නිවස පිහිටි මහල් නිවාස සංකීර්ණයෙන් වැටී මියගොස් ඇති බවය.

    එම අවස්ථාවේ යාබද ගොඩනැගිල්ලක සිටි අයෙකු සිදුකළ රූගත කිරීමක් ද මේ වනවිට සංසරණය මාධ්‍ය හරහා වෙමින් තිබේ.

    ශ්‍රී ලංකාවට පැමිණීමට මඟබලා සිටි නදීකා මෙහිදී අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණි.

    නදීකාගේ දේහය සිංගප්පූරුවේ, මල්ශාලාවකදී දැක ගැනීමට ඇයගේ මිතුරියන්ට අවස්ථාව උදාවී තිබුණි.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ, ඉහළ මහලයකින් වැටී සිදුවූ තුවාල හේතුවන් මරණය සිදුව ඇති බවට මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් බවය.

    කෙසේවෙතත්, මරණය සිදුවීමට පෙර ඇය නිවසේදී මුහුණ දුන් ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සිංගප්පූරු බලධාරීන්ට කිසිදු දැනුවත් කිරීමක් සිදුකර නැතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.