ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත දේහය ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට අවසර ඉල්ලා තිබේ.
පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය කොළඹ අතිරේක මහෙස්ත්රාත්වරියගෙන් එලෙස ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇත.
ඒ අනුව අධිකරණය එම ඉල්ලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා නියෝගයක් නිකුත් කිරීම සඳහා නඩුව ලබන 25වනදා කැඳවීමට දින නියම කර තිබුණි.