එක්ස්ප්රස් පර්ල් නෞකාවේ ගින්නෙන් ඇතිවූ හානියට වන්දියක් ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ තවත් නඩුවක් ගොනු කර තිබේ.
ඉන් පෙන්වා දී ඇත්තේ එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් ඇතිවූ පාරිසරික හා විවිධ ක්ෂේත්රයන්ට සිදුවූ හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 06කට අධික වන්දියක් අදාළ නෞකා සමාගම්වලින් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසය.
වන අරණ පදනම ඇතුළු පාර්ශ්ව 04ක් විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම ඇතුළු එම නෞකාවේ හිමිකරු, රක්ෂණකරු, ක්රියාකරු වශයෙන් කටයුතු කරන සමාගම් 08ක් නම් කර තිබේ.