Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම ගැන සාකච්ඡාවක්
    Featured

    ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම ගැන සාකච්ඡාවක්

    By LFNMay 18, 2023No Comments3 Mins Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මීළඟ පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සිදුවිය.

    මේ අනුව පාර්ලිමේන්තුව මැයි 23 සිට 26 දක්වා රැස්වීමට නියමිතය.

    පාර්ලිමේන්තුව රැස්වන දින අතුරෙන් මැයි 23 සහ 24 දෙදින පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කිරීමට ද මෙහිදී තීරණය විය.

    මැයි 23 වැනි අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ අංක 2312/67 දරණ ගැසට් පත්‍රයේ සඳහන් නියෝගය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2312/68 67 දරණ ගැසට් පත්‍රයේ සඳහන් නියෝගය, සුරාබදු ආඥා පනත යටතේ අංක 2312/70 දරණ ගැසට් පත්‍රයේ සඳහන් නිවේදනය විවාදයට ගැනීමට නියමිතය.

    තවද එදින දුම්කොළ බදු (සංශෝධන) පනත යටතේ අංක 2312/71 දරණ ගැසට් පත්‍රයේ සඳහන් නියෝග, මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2312/73 දරණ ගැසට් පත්‍රයේ සඳහන් නියමය, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ අංක 2316/32 දරණ ගැසට් පත්‍රයේ සඳහන් නියමය සහ 2003 අංක 25 දරණ මුදල් පනත යටතේ අංක 2309/37 ගැසට් පත්‍රයේ සඳහන් නියමයද විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබේ.

    අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

    මැයි 24 වන බදාදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා 2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත අනුව එම කොමිෂන් සභාවේ වත්මන් සභාපතීත්වය සහ සාමාජිකත්වය දරන ජේ. ඩබ්. එම්. ජේ. පී.කේ රත්නායක මහතා එහි සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය විවාදයට ගැනීමට ද නියමිතය.

    අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.

    මැයි 25 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 සිට ප.ව 12.30 දක්වා කාලය වෙන්කර ඇත්තේ මැයි 22 වනදා සිට විශ්‍රාමගැනීමට නියමිත පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය ඇගයීමේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහාය.

    අනතුරුව ප.ව 12.30 සිට ප.ව 5.00 දක්වා 2003 අංක 25 දරණ මුදල් පනත යටතේ අංක 2309/37 දරණ ගැසට් පත්‍රයේ සඳහන් නියෝගය, 2004 අංක 11 දරණ මුදල් පනත යටතේ අංක 2312/80 දරණ ගැසට් පත්‍රයේ පළකර ඇති නියෝගය සහ 2018 අංක 35 දරණ මුදල් පනත යටතේ අංක 2312/69 සහ 2318/53 දරණ ගැසට් පත්‍රවල සඳහන් නියෝග විවාදයට ගෙන අනුමැතිය ලබාගැනීමට නියමිතව ඇත.

    තවද එදින දේශීය ආදායම් පනත යටතේ, ආදායම් මතවූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මඟහැරීම වැළැක්වීම සඳහා මෙරට ආණ්ඩුව සහ චෙක් ජනරජ ආණ්ඩුව අතර 2023 පෙබරවාරි 3 ඇති කරගත් ගිවිසුමට අදාළ යෝජනාවට ද අනුමැතිය ලබාගැනීමට මෙහිදී තීරණය විය.

    අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

    මැයි 26වන සිකුරාදා සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු කථානායක ජෝසප් මයිකල් පෙරේරා මහතා වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වෙන්කිරීමට ද මෙහිදී තීරණය විය.

    ඒ අනුව එදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වෙන් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.