Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුවන්ට එරෙහිව නඩු පවරයි
    Featured

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුවන්ට එරෙහිව නඩු පවරයි

    By LFNMay 18, 2023No Comments2 Mins Read168 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා හිමිකම්කරු ලෙස නම් කරමින් එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් සිංගප්පූරු මහාධිකරණය හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කළ බව අතිරේක සොලිසිටර් ජනරාල් (පරිපාලන) චේතිය ගුණසේකර මහතා පැවසීය.

    මෙම හිමිකම් පෑමේ ඉල්ලීම 2023 අප්‍රේල් 25 වන දින ගොනු කර ඇත.

    මේ පිළිබඳ නඩු සම්මන්ත්‍රණ විභාගය මැයි 15 වනදා සිංගප්පූරු මහාධිකරණය (සාමාන්‍ය අංශය) හමුවේ කැඳවන ලද අතර, එම නඩුව පිළිබඳ වැඩිදුර පසු විපරමක් ජුනි 01 වනදා පැවැත්වීමට නියමිතය.

    සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණයෙහි (SICC) නීතිරීති මත පදනම්ව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණය (SICC) වෙත නඩුව මාරු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මේ වනවිට සලකා බලමින් සිටී.

    ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නඩු පැවරීම හා ඉදිරි නඩු කටයුතු කළමණාකරණය සඳහා සිංගප්පූරු නීති සමාගමක් කැබිනට් අනුමැතිය සහිතව පත් කර ඇත.

    2021 මැයි 20 වන දින සිංගප්පූරු ධජය සහිත මෙම යාත්‍රාව ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් ගිනිගෙන ගිලී ගියේය.

    අනතුරුදායක භාණ්ඩ සහිත කන්ටේනර් 81ක්, නයිට්‍රික් අම්ලය ටොන් 25ක්, ඉන්ධන ටොන් 348ක් සහ නර්ඩ්ල්ස් (ප්ලාස්ටික් නිෂ්පාදන සෑදීමට භාවිතා කරන) ලෙස හැඳින්වෙන කුඩා ප්ලාස්ටික් කැට බිලියන 75ක් සහිත කන්ටේනර් 1,488 ක් එම නෞකා‍වේ රැගෙන යමින් තිබිණි.

    එතැන් සිට මෙම ව්‍යසනය ශ්‍රී ලංකාවේ සංවේදී වෙරළබඩ පරිසරයට, ප්‍රාදේශීය ප්‍රජාවන්ට සහ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇති අතර සාගර ජීවීන් විශේෂ විශාල ප්‍රමාණයක විනාශයට හේතු වී තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.