Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආසියානු රටකින් හැකර්වරුන් පැහැරගත් අ.ඩො.මි 6.6ක් ඕමානයෙන් හමුවෙයි

    May 14, 2026

    ඉදිරි පැය 36 තුළ පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට – අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

    May 14, 2026

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස් අත්අඩංගුවට ගත් කාන්තාවක් සැකසහිත ලෙස මරුට
    Featured

    පොලිස් අත්අඩංගුවට ගත් කාන්තාවක් සැකසහිත ලෙස මරුට

    By LFNMay 18, 2023No Comments1 Min Read210 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැලිකඩ පොලීසිය තුළ ප්‍රකාශ සටහන් කරගන්නා අතරතුර රෝගාතුරවූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ.

    ඇයගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලීසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ කාන්තාව මියගොස් ඇති බවය.

    මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.

    වැලිකඩ පොලිස් බලප්‍රදේශයේ පදිංචි ප්‍රකට ටෙලි නාට්‍ය නිෂ්පාදකවරියකගේ නිවසෙහි රත්‍රං භාණ්ඩ සොරගත් බවට ලැබුණු පැමිණිල්ලක් මත එම නිවසෙහි මෙහෙකාර කාන්තාව වැලිකඩ පොලීසිය මගින් පසුගිය 11 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ, එම කාන්තාව වෙනත් නිවසක සේවය කරමින් සිටියදීය.

    අනතුරුව ඇයගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අතරතුර ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පොලීසිය සැකකාරියව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

    එහිදී එම කාන්තාව මියගොස් තිබේ.

    42 හැවිරිදි තිදරු මවක් වන අදාළ කාන්තාව ආර්. රාජ්කුමාරි නම් බදුල්ල දෙමෝදර ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

    ඇයගේ සැමියා චෝදනා කරන්නේ පොලීසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් තම බිරිඳ මියගොස් ඇති බවය.

    මේ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉදිරි පැය 36 තුළ පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට – අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

    May 14, 2026

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ආසියානු රටකින් හැකර්වරුන් පැහැරගත් අ.ඩො.මි 6.6ක් ඕමානයෙන් හමුවෙයි

    May 14, 202600 Views

    සයිබර් අපරාධකරුවන් ආසියානු රටකින් පැහැර ගෙන ඇති බවට සැක කෙරෙන ඩොලර් මිලියන 6.6ක මුදලක් ඕමාන…

    ඉදිරි පැය 36 තුළ පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට – අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

    May 14, 2026

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.