Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආසියානු රටකින් හැකර්වරුන් පැහැරගත් අ.ඩො.මි 6.6ක් ඕමානයෙන් හමුවෙයි

    May 14, 2026

    ඉදිරි පැය 36 තුළ පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට – අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

    May 14, 2026

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේවගැති ජෙරම් ට එරෙහිව පාර්ශ්ව රැසකින් චෝදනා
    Featured

    දේවගැති ජෙරම් ට එරෙහිව පාර්ශ්ව රැසකින් චෝදනා

    By LFNMay 18, 2023No Comments2 Mins Read218 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බුදුන් වහන්සේට මෙන්ම අනෙකුත් ආගම්වලට නිගරුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ ක්‍රිස්තියානි දේවගැති ජෙරම් ප්‍රනාන්දු යළි දිවයිනට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය පවසයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව රටින් පිටවීම වැළැක්වීමේ තහනම් නියෝගයක් ද අධිකරණයෙන් ලබාගෙන ඇති අතර මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශනයක් සිදුකිරීමට ද නියමිතය.

    මේ අතර තමා එළඹෙන ඉරිදා යළි දිවයිනට පැමිණෙන බව දේවගැතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහන් කර තිබුණි.

    ජෙරම් ප්‍රනාන්දු නම් ක්‍රිස්තියානි දේවගැතිවරයා සිදුකළ දේශනයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එම ප්‍රකාශවලින් බුදුන් වහන්සේට සහ තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට සමාජයේ විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ලවීමත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද නියම කළේ ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන ලෙසය.

    එවන් පසුබිමක දේවගැති ජෙරම් ප්‍රනාන්දුට රටින් පිටවීම වැළැක්වීමේ තහනම් නියෝගයක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අනුවය.

    නමුත් දේවගැතිවරයා පසුගිය ඉරිදා සිය බිරිඳ සහ දරුදෙදෙනා සමඟ දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි.

    සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා තිබුණේ තමන් පෙර යොදාගත් කටයුත්තක් වෙනුවෙන් විදෙස්ගත වූ අතර යළි එළඹෙන ඉරිදා දිවයිනට පැමි‍ණෙන බවය.

    මේ අතර පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ දේවගැතිවරයා උපයාගත් දේපළ සහ වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකරන බවය.

    මෙවන් වාතාවරණයක ඊයේ මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැදුටු භික්ෂූන් වහන්සේ පිරිසක් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව පියවර ගැනීමේ වැදගත්කම පෙන්වා දුනි.

    මේ අතර පාර්ශ්ව කිහිපයක්ම ඊයේ මෙම දේවගැතිවරයාට එරෙහිව කරුණු අනාවරණ කර තිබුණි.

    බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කළේ,

    “මොහු ස්පර්ශ කරන සමාජ ස්ථරය බලන්න.. මෙතන ඉන්නේ සමාජයේ ඉහළම ස්ථරවල ඉන්න ප්‍රජාව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා ඒ දේශනවලට සහභාගී වෙනවා. පාර්ලිමේන්තුවේ පාස්ටර්ස්ලා කීදෙනෙක් ඉන්නවා ද?. දැන් ක්‍රිකක් ක්‍රීඩකයින් අරගෙන බලන්න. කොහොමද ජෙරම් කියන්නේ 8 වෙනි ඕවරේ දෙවනි පන්දුවට අනිවාර්යයෙන් ආබාධ වෙනවා කියලා. මේක මාෆියාවක්.”

    පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා,

    “අපි පොලීසියෙන් ඉල්ලා සිටින්නේ වහාම මොහුට විරුද්ධව නඩු පැවරිය යුතුයි කියලා.”

    දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය ගුරුවරයා සහ අධ්‍යාත්මික ශාස්තෘවරයා ලෙස හඳුන්වන සිම්බාබ්වේ දේශයේ ඌබට් ඒන්ජල් නමැති දේවගැතිවරයා ජාත්‍යන්තර රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ තැනැත්තෙකු බවට කෙරුණු හෙළිදරව්ව පිළිබඳව වාර්තා කළේය.

    ඔහු එරට රජයේ විශේෂ තානාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් ජාත්‍යන්තර මට්ටමේ රන් ජාවාරම් සහ මුල්‍ය විශුද්ධිකරණයේ යෙදෙන ආකාරය අල් ජසීරා රූපවාහිනිය ගවේෂණාත්මකව වාර්තා කර තිබුණි.

    එම දේවගැතිවරයාගේ සහභාගීත්වයෙන් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මෙරටදී යාච්ඤා මෙහෙයක් සංවිධාන කර තිබූ අතර ඔහුද විදෙස් රටවල මෙවැනි මෙහෙයන් පවත්වමින් සිටී.

    කෙසේවෙතත් ඊයේ සර්ව ආගමික පූජකයින්ගේ සහභාගිත්වයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ක්‍රිස්තියානි සහ කතෝලික පූජකවරුන් සඳහන් කර සිටියේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු මෙරට කිසිදු ක්‍රිස්තියානි සභාවක ලියාපදිංචි පූජකයෙකු නොවන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉදිරි පැය 36 තුළ පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට – අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

    May 14, 2026

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ආසියානු රටකින් හැකර්වරුන් පැහැරගත් අ.ඩො.මි 6.6ක් ඕමානයෙන් හමුවෙයි

    May 14, 202602 Views

    සයිබර් අපරාධකරුවන් ආසියානු රටකින් පැහැර ගෙන ඇති බවට සැක කෙරෙන ඩොලර් මිලියන 6.6ක මුදලක් ඕමාන…

    ඉදිරි පැය 36 තුළ පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට – අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

    May 14, 2026

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.