Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේවගැති ජෙරම් අත්අඩංගුවට ගන්නේ මෙහෙමයි
    Featured

    දේවගැති ජෙරම් අත්අඩංගුවට ගන්නේ මෙහෙමයි

    By LFNMay 17, 2023No Comments3 Mins Read216 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේවගැති ජෙරම් ප්‍රනාන්දු නැවත දිවයිනට පැමිණෙන විට ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව පොලීසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, අධිකරණයෙන් ඔහුට එරෙහිව සංචාරක ගමන් තහනමක් ලබාදී ඇති මොහොතක එලෙස අත්අඩංගුවට ගැනීමට බාධාවක් නොමැති බවය.

    එමෙන්ම ඔහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයන්ට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වු මාධ්‍ය ප්‍රකාශවරයා,

    “පාස්ටර් ජෙරම් සම්බන්ධව පැමිණිලි කිහිපයක් ලැබිලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. පැමිණිලි ලැබුණට පස්සේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ. ඒ අනුව තමා අධිකරණයෙන් අදාළ සාක්ෂි සටහන් කරගෙන පසුව තමා අධිකරණය නියෝග ලබාගන්නේ. පාස්ටර් ජෙරම් පිටත් වෙලා තියෙනවා පසුගිය ඉරිදා දිනයේදී. ඔහු විදේශ ගතවුණ බවට වාර්තා වෙලා තියෙනවා. නමුත් විදේශ ගමන් තහනම අපි ලබාගන්නේ ඊයේ දිනයේ. ඒ කියන්නේ සංචාරක ගමන් තහනමක් ලබාගත්තහම ඒ් රටෙන් පිටවෙන්නත් බෑ. ඒ වගේම විදේශ රටකට ඇතුළු වෙන්නත් බෑ. ඒ අවස්ථා දෙකේදීම අත්අඩංගුවට පත්වීමක් සිදුවෙනවා යම් වරදක් සම්බන්ධයෙන්. නමුත් පැමිණිලි ආවට පස්සේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරන්නේ. එයින් පසුව තමා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ යුතුයි විදේශ ගමන් තහනමක් ලබාගන්න. ඒ සඳහා යම් ආකාරයක විමර්ශනයක් පැවැත්විය යුතුයි. එතකොට පැමිණිලි ලැබිලා ඒ සඳහා යම් කාලයක් අවශ්‍යයි. ඒ කාලය තුළ තමා අධිකරණයට තොරතුරු ඉදිරිපත් කරලා, සාක්ෂි ඉදිරිපත් කරලා මේ තහනම ලබාගන්නේ.”

    ප්‍රශ්නය – ඔහු නැවත නොපැමිණියොහොත් හෝ වෙනත් රටකට පිටව ගියොත් වෙන්නේ කුමක් ද?

    “ලැබෙන පැමිණි අනුව විමර්ශනය කරලා, යම් ආකාරයක අපරාධමය වරදක් තහවුරු වෙනවා නම්, ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළාට පස්සේ, ඊට අදාළ චෝදනා ඉදිරිපත් කරලා, අධිකරණයට ඉදිරිපත් කරන තොරතුරු මත නීති රාමුව මත යම් නියෝගයක් ලබාගන්න පුළුවන් නම් ඒ නියෝග ලබාගෙන ජාත්‍යන්තර පොලීසිය හරහා හෝ ජාත්‍යන්තරව කටයුතු කරන්න තියෙන නීතිරීති මාලාව තුළ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඉදිරියේ දී එය තීරණය කළ හැකියි. එය තීරණය වන්නේ විමර්ශනයේ දී අනාවරණය වන තොරතුරු මත…”

    ප්‍රශ්නය – ඔහු ලංකාවට පැමිණියොත් ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනීමට හැකියාව තියෙනවා ද ?

    “සංචාරක තහනමක් තියෙන අවස්ථාවක අධිකරණයේ දී එවැනි නියෝගයක් ලබාදී ඇති අවස්ථාවක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙනවා…”

    ප්‍රශ්නය – මොහුට තියෙන චෝදනා යටතේ, විමර්ශනවලට ඉහළින් බලපෑම් එල්ල වනවාද ?

    “කිසිසේත්ම එවැනි බලපෑමක් ලැබිලා නෑ විමර්ශන සම්බන්ධයෙන්. විමර්ශන කටයුතු ඉතා නිදහස්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරමින් පවතිනවා මේ වනවිට. කිසිදු ආකාරයක බලපෑමක් විමර්ශනවලට එල්ල වෙලා නෑ.”

    මතභේදාත්මක ප්‍රකාශයක් හේතුවෙන් මේ දිනවල දැඩි කතාබහකට ලක්වන, මේ වන විට විදෙස්ගතව ඇති ක්‍රිස්තියානි දේවගැති ජෙරම් ප්‍රනාන්දු එළඹෙන ඉරිදා යළි දිවයිනට පැමිණෙන බව ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබා තිබේ.

    මේ අතර දේවගැති ජෙරම් ප්‍රනාන්දු රටින් පිටවීම වැළැක්වීමේ තහනම් නියෝගයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කටයුතු කළා.

    ජෙරම් ප්‍රනාන්දු නම් ක්‍රිස්තියානි දේවගැතිවරයා සිදුකළ දේශනයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එම ප්‍රකාශයන් තුළ බුදුන් වහන්සේට සහ තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට සමාජයේ විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වුණි.

    අනතුරුව පාර්ශව කිහිපයක් දේවගැතිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය.

    එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මෙම දේවගැතිවරයාගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව හරහා විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.

    මෙවැනි පසුබිමක් තුළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු පසුගිය ඉරිදා සිය බිරිඳ සහ දරුදෙදෙනා සමඟ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

    මේ අතර දිවයිනෙන් බැහැරව සිටින තමන් යළි එළඹෙන ඉරිදා දිවයිනට පැමි‍ණෙන බවට දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් යොදා තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.