Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගණේමුල්ල සංජීව ඝාතනයට ‘ගම්පහ ඔස්මන්ඩ්’ අත්අඩංගුවට

    May 14, 2026

    ගංගා ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

    May 14, 2026

    මුහුදට කඩා වැටුණු යානයේ සිටි සියලුදෙනා බේරාගත් විශ්මිත ගුවන් මෙහෙයුම

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජෙරම්ගේ ගුරාගේ පැටිකිරිය අල්ජසීරා හෙළිකරයි
    Featured

    ජෙරම්ගේ ගුරාගේ පැටිකිරිය අල්ජසීරා හෙළිකරයි

    By LFNMay 17, 2023No Comments2 Mins Read263 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය ගුරුවරයා සහ ආධ්‍යාත්මික ශාස්තෘවරයා ලෙස හඳුන්වන සිම්බාබ්වේ දේශයේ ඌබට් ඒන්ජල් නැමැති දේවගැතිවරයා ජාත්‍යන්තර රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ තැනැත්තෙකු බව අල් ජසීරා රූපවාහිනිය වාර්තාමය වැඩසටහනක් ඔස්සේ අනාවරණය කර තිබේ.

    ඌබට් ඒන්ජල් සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මනන්ගාවාගේ සමීපතමයෙකු වන අතර ඔහු එරට රජයේ විශේෂ තානාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් ජාත්‍යාන්තර මට්ටමේ රන් ජාවාරම් සහ මුල්‍ය විශුද්ධිකරණයේ යෙදෙන ආකාරය අල් ජසීරා රූපවාහිනිය ගවේෂණාත්මකව වාර්තා කර තිබුණි.

    තමා ශාස්තෘවරයෙකු ලෙස හඳුන්වාගන්නා ඌබට් ඒන්ජල් පසුගිය 2020 සහ 2022 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති අතර මෙම වර්ෂයේ මාර්තු 19 වැනිදා කටුනායක මිරකල් ඩෝම් ශාලාවේදි ඒකාබද්ධ මෙහෙයක් පවත්වා ඇත්තේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු සමගිනි.

    මෙවන් පසුබිමක සර්ව පාක්ෂික අරගලකරුවන් සංවිධානයද ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

    ජෙරම් ප්‍රනාන්දු නමැති ක්‍රිස්තියානි දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එය රට තුළ මහත් ආන්දෝලනයට තුඩුදුනනේය.

    අදාළ ප්‍රකාශය තුළින් බුදුන් වහන්සේට සහ තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට සමාජයේ විවිධ පාර්හ්වවලින් චෝදනා එල්ල වුණි.

    ඒ අනුව නව භික්ෂු පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ජෙරම් ප්‍රනාන්දු නම් දේවගැතිවරයාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පැමිණිල්ලක්ද ගොනු කළේය.

    මේ අතර දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකොට තමාට වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නියෝග කළේය.

    මෙවන් පසුබිමක මෙරට රෝමානු කතෝලික සභාව ඊයේ කොළඹ අගරදගුරු මැදුරේදී මෙම දේවගැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කිරීමට ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

    මේ අතර තවත් පාර්ශව කිහිපයක් ම ඊයේ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ ප්‍රකාශයට සිය විරෝධය පළ කළේය.

    මේ අතර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඊයේ අනාවරණ කළේ සියලු ආගම් නියෝජනය කෙරෙන පූජක පක්ෂය එක්ව දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට සූදානමින් සිටින බවය.

    එසේම දේවගැති ජෙරම් ප්‍රනාන්දු දිවයිනෙන් පිටව ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔහු පසුගිය 14 වනදා සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා ද සමඟ දිවයිනෙන් පිටව ගොස් ඇති බවය.

    මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් ලබාගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගංගා ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

    May 14, 2026

    ඉදිරි පැය 36 තුළ පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට – අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

    May 14, 2026

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ගණේමුල්ල සංජීව ඝාතනයට ‘ගම්පහ ඔස්මන්ඩ්’ අත්අඩංගුවට

    May 14, 202601 Views

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සහ…

    ගංගා ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

    May 14, 2026

    මුහුදට කඩා වැටුණු යානයේ සිටි සියලුදෙනා බේරාගත් විශ්මිත ගුවන් මෙහෙයුම

    May 14, 2026

    ආසියානු රටකින් හැකර්වරුන් පැහැරගත් අ.ඩො.මි 6.6ක් ඕමානයෙන් හමුවෙයි

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.