ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානාහිමියන් ඊයේ (16) අපවත් වුණි.
උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ලබන ඉරිදා (21) සවස 03ට නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී දේහය (17) සිට ඉරිදා දක්වා තපෝවනයේ තැන්පත් කර තිබේ.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන්වහන්සේ අද පෙරවරුවේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබුණි.
අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ අද දහවල් අපවත් වුණි.