Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මියගිය දැරිය අලෙවිකරලා ද ? අලුත්ම හෙළිදරව්ව මෙන්න
    Featured

    මියගිය දැරිය අලෙවිකරලා ද ? අලුත්ම හෙළිදරව්ව මෙන්න

    By LFNMay 16, 2023No Comments2 Mins Read242 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් වැටී මියගිය පාසල් සිසුවියව ප්‍රධාන සැකකරුට අලෙවි කළේදැයි තහවුරු කරගැනීමට පෞද්ගලික බැංකු දෙකක ගිණුම් පරීක්ෂා කිරීම සඳහා අධිකරණය ඊයේ (15) අවසර ලබා දී තිබේ.

    ඒ සිද්ධියට අදාළ නඩුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ යළි කැඳවූ අවස්තාවේදීය.

    මේ අතර සිදුවීමට අදාළව මුදලට කාන්තාවන් ලිංගික කටයුතු සඳහා විකිණීම සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වෙයි.

    දැනට සිදුකළ විමර්ශනවලදී සැක මතු වී ඇත්තේ මියගිය දැරියගේ මිතුරියගේ පෙම්වතා යැයි කියන තැනැත්තා, ප්‍රධාන සැකකරුට රුපියල් 20,000 ක මුදලට දැරිය අලෙවි කර ඇති බවටය.

    ප්‍රධාන සැකකරු ඊට අත්තිකාරමක් ලෙස රුපියල් 12,000 ක් එම පුද්ගලයාගේ ගිණුමට බැර කර ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.

    ඒ අනුව අදාළ පෞද්ගලික බැංකු දෙකක ගිණුම් පිරික්සීමට විමර්ශකයින්ට මෙලෙස අධිකරණයෙන් අවසර හිමිව තිබුණි.

    නමුත් තමා අලෙවි කරන බවක් මියගිය දැරිය දැන සිටියේද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් කරුණු හෙළි වී නොමැත.

    එමෙන්ම තරුණිය ඉහළ මහලෙන් ඇදවැටීමට ඇයට දුරකථන ඇමතුමක් ආ බවට ප්‍රධාන සැකකරු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

    අදාළ අධිකරණ කටයුතු අද කළුතර මහෙස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය ඉදිරියේ ආරම්භ කෙරුණේ මාධ්‍ය ආවරණය සඳහා අධිකරණ වාර්තාකරුවන්ට අවසර නොදෙමිනි.

    නඩු වාරය අතරතුරදී පැමිණිල්ලේ සහ විත්තියේ නීතිඥයින් අතර උණුසුම් වාද විවාද සිදුවූ බව වාර්තා වෙයි.

    කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරිය, රිමාන්ඩ් භාරයේ සිටි එක් සැකකාරියක් ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

    රුපියල් ලක්ෂ 02 ක් වූ ශරීර ඇපයක් මත එලෙස මුදාහැරුණේ සිද්ධිය වූ ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳවය.

    සෙසු සැකකරුවන් තිදෙනා වන රිමාන්ඩ් භාරයේ සිටින, මියගිය දැරියගේ මිතුරිය, ඇගේ පෙම්වතා සහ රියදුරා ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේය.

    සිද්ධියේ විමර්ශන මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා ඇතුළු නිලධාරින්ට කළුතර බන්ධනාගාරයට ගොස් සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට ද මහෙස්ත්‍රාත්වරිය අවසර ලබාදී තිබුණි.

    කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් මියයාමට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයෙන් මේ වන විට සිදුකෙරෙමින් පවතී.

    සිද්ධියේ ප්‍රධාන සැකකරු වන, දැරිය මියයන අවස්ථාවේ ඇය සමග ලැගුම්හල තුළ රැඳී සිටි පුද්ගලයා මේ වන විට පසුවන්නේ රිමාන්ඩ් භාරයේය.

    රිමාන්ඩ් භාරයේ සිටින සෙසු සැකකරුවන් වන මියගිය දැරියගේ මිතුරිය, ඇයගේ පෙම්වතා, ලැගුම්හල් අයිතිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය රැගෙන ගිය මිතුරා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට අද යළි ඉදිරිපත් කළේය.

    සැකකරුවන් අධිකරණයට රැගෙන එන අවස්ථාවේ දී අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්වුණේ මෙම සිදුවීමට අදාළව විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමිනි.

    මිය ගිය දැරියගේ මව, පවුලේ ඥාතින්, ප්‍රදේශවාසින් ඇතුළු 100කට ආසන්න පිරිසක් නිහඬ විරෝධතාවට එක්ව සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.