වස්කඩුව ප්රදේශයේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතිකයෙකුගේ මුදල් සොරකම් කළ පුද්ගලයෙකුව කළුතර උතුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ඉන්දීය සංචාරකයා විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුර ඊයේ (15) පස්වරුවේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත්බවය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 29 හැවිරිදි වස්කඩුව ප්රදේශයේ ම අදාළ සංචාරක නිකේතනය ආසනයේ නිවසක පදිංචිව සිටි පුද්ගලයෙකි.
පොලීසිය පැවසුවේ සොරකම් කළ මුදලින් කොටසක් සැකකරුගේ නිවසේ මෙට්ටයක් තුළ සඟවා තිබියදී සොයාගත් බවය.
සැකකරු විසින් සංචාරකයාගේ නවාතැන්ගෙන සිටි කාමරයට පැමිණ ඔහුගේ ගමන් මල්ලේ තිබූ අමෙරිකානු ඩොලර් 259ක්, ඉන්දීය රුපියල් 500ක් සහ මෙරට මුදල් රුපියල් 17,000ක් සොරකම් කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.