කොස්ගොඩ ප්රදේශයේදී පියා සිදුකළ පහරදීමකින් ඔහුගේ පුත්රයා මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගොඩ SOS ගම්මානයේ පදිංචිව සිටි 29 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි.
පියා සහ පුත්රයා ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව පියා විසින් තියුණු ආයුධයකින් පුත්රයාගේ ගෙල ප්රදේශයට පහරදී තිබේ.
ඉන් බරපතළ තුවාල ලැබූ තරුණයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ 62 හැවිරිදි වියේ පසුවන පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොස්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.