Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

    November 9, 2025

    ඉන්දීය බුද්ධි අංශ හෙළි කළ දාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය සහ හිටපු LTTEය අතර ගිවිසුම – ඉන්දීය බුද්ධි අංශත් සීරුවෙන්

    November 9, 2025

    ඝාතනය කර වැසිකිළි වලකට දමා තිබූ මළ සිරුරක් වසරකට පසුව සොයා ගනී

    November 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නාවික හමුදාව සීරුවෙන්
    Featured

    නාවික හමුදාව සීරුවෙන්

    By LFNMay 15, 2023No Comments1 Min Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබේ.

    ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත හදිසි ගංවතුර තත්ත්වයකදී ජනතාවට සහන සැලසීමට සහ ඔවුන් එම ආපදාවෙන් මුදාගැනීම සඳහා දකුණු නාවික විධානය මඟින් ගාල්ල, අකුරුස්ස, කොටපොල, නාගොඩ, තවලම, කඹුරුපිටිය සහ අතුරලිය යන ප්‍රදේශයන් වෙත සහන කණ්ඩායම බැඟින් යොමු කර ඇත.

    ගිං ගඟ හා නිල්වලා ගඟ පිටාර මට්ටමට පැමිණීමෙන් මේ වන විට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි ඇතිව ඇති ජල ගැලීම් තත්ත්වය හමුවේ එම ප්‍රදේශ වෙත යොමු කර ඇති නාවික හමුදා සහන කණ්ඩායම් මේ වන විට ජනතාව වෙත අවශ්‍ය සහන සැලසීමට සූදානමින් සිටී.

    තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට අමතර නාවික හමුදා සහන කණ්ඩායම් මේ වන විටත් සූදානමින් තබා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

    November 9, 2025

    ඉන්දීය බුද්ධි අංශ හෙළි කළ දාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය සහ හිටපු LTTEය අතර ගිවිසුම – ඉන්දීය බුද්ධි අංශත් සීරුවෙන්

    November 9, 2025

    ඝාතනය කර වැසිකිළි වලකට දමා තිබූ මළ සිරුරක් වසරකට පසුව සොයා ගනී

    November 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,398 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

    November 9, 20250120 Views

    අස්වැසුම වාර්ෂික තොරතුරු යතාවත් කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය…

    ඉන්දීය බුද්ධි අංශ හෙළි කළ දාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය සහ හිටපු LTTEය අතර ගිවිසුම – ඉන්දීය බුද්ධි අංශත් සීරුවෙන්

    November 9, 2025

    ඝාතනය කර වැසිකිළි වලකට දමා තිබූ මළ සිරුරක් වසරකට පසුව සොයා ගනී

    November 9, 2025

    අදත් හවසට මි.මී 75 ඉක්මවූ වැසි

    November 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.