Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    May 14, 2026

    ලෝක බලවතුන් දෙදෙනා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹෙයි

    May 14, 2026

    ගණේමුල්ල සංජීව ඝාතනයට ‘ගම්පහ ඔස්මන්ඩ්’ අත්අඩංගුවට

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නාවික හමුදාව සීරුවෙන්
    Featured

    නාවික හමුදාව සීරුවෙන්

    By LFNMay 15, 2023No Comments1 Min Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබේ.

    ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත හදිසි ගංවතුර තත්ත්වයකදී ජනතාවට සහන සැලසීමට සහ ඔවුන් එම ආපදාවෙන් මුදාගැනීම සඳහා දකුණු නාවික විධානය මඟින් ගාල්ල, අකුරුස්ස, කොටපොල, නාගොඩ, තවලම, කඹුරුපිටිය සහ අතුරලිය යන ප්‍රදේශයන් වෙත සහන කණ්ඩායම බැඟින් යොමු කර ඇත.

    ගිං ගඟ හා නිල්වලා ගඟ පිටාර මට්ටමට පැමිණීමෙන් මේ වන විට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි ඇතිව ඇති ජල ගැලීම් තත්ත්වය හමුවේ එම ප්‍රදේශ වෙත යොමු කර ඇති නාවික හමුදා සහන කණ්ඩායම් මේ වන විට ජනතාව වෙත අවශ්‍ය සහන සැලසීමට සූදානමින් සිටී.

    තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට අමතර නාවික හමුදා සහන කණ්ඩායම් මේ වන විටත් සූදානමින් තබා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගංගා ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

    May 14, 2026

    ඉදිරි පැය 36 තුළ පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට – අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

    May 14, 2026

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    May 14, 202602 Views

    තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්…

    ලෝක බලවතුන් දෙදෙනා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹෙයි

    May 14, 2026

    ගණේමුල්ල සංජීව ඝාතනයට ‘ගම්පහ ඔස්මන්ඩ්’ අත්අඩංගුවට

    May 14, 2026

    ගංගා ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.