බම්බලපිටිය මුහුදු මාර්ගයේ නිසි අවසරයකින් තොරව යතුරුපැදි ධාවන තරගයක නියැලුණු තරුණයින් 8 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම යතුරුපැදි 5ක් ද එම කොට්ඨාස නිලධාරින් සිය භාරයට ගෙන ඇත.
බම්බලපිටිය මුහුදු මාර්ගයේ එම යතුරුපැදි ධාවන තරගය සංවිධාන කර තිබුණි.
කොළඹ අපරාධ කොට්ඨාසය පවසන්නේ TikTok මගින් අද අලුයම් කාලයේ තරුණයින් මීට කැඳවාගෙන ඇති බවය.
එමෙන්ම නීතිවිරෝධී ලෙස යතුරුපැදි ධාවනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද ඔවුන් TikTok සමාජ මාධ්‍යට එක්කර තිබුණි.
මාර්ගයේ ධාවනය වූ රථවලට සහ පදිකයින්ට බාධා වන අයුරින් යතුරුපැදි විශාල ප්‍රමාණයක් එලෙස මාර්ගයේ ධාවනය කර ඇති බව පොලීසිය පවසයි.
ඇත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 17 – 23ත් අතර පසුවන්නන්ය.