Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඇල්ලට එන ආදරවන්තයින්ට කරදර කළ අපරාධකරුවන් අත්අඩංගුවට

    May 14, 2026

    ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය සහ ජවිපෙ ලේකම් අතර හමුවක්

    May 14, 2026

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව බ්‍රිතාන්‍ය පෙන්වයි
    Featured

    ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව බ්‍රිතාන්‍ය පෙන්වයි

    By LFNMay 14, 2023No Comments3 Mins Read187 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව වැනි රටවල් සමග තවත් වෙළෙඳ අවස්ථා වැඩි කරගත යුතු බව එරට කන්සර්වේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මැතිව් ඔෆර්ඩ් පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් එක්සත් රාජධානිය ගිවිසුම්ගතව සහාය දිය යුතු බවය.

    ශ්‍රී ලංකාව මුහුණපා සිටින ආර්ථික අර්බුදය හා ඊට එක්සත් රාජධානියෙන් ලබාදෙන ආධාර සම්බන්ධයෙන් වන විශේෂ සැසියක් එක්සත් රාජධානී පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.

    කන්සර්වේටිව් පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මැතිව් ඔෆර්ඩ්,

    “එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර දැනටමත් පවතින සබඳතාවය නිසා ශ්‍රී ලංකාවේ බොහෝ සංවිධාන වෙත දායකත්වය ලබාදී තිබෙනවා. පැරිස් සමාජයේ ස්ථිර සාමාජිකයෙකු ලෙස, එක්සත් රාජධානිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට දැඩිව මැදිහත්වී සිටීමත් වාසනාවක් ලෙස මා සලකනවා.”

    “ශ්‍රී ලංකා ආර්ථිකය පුනර්ජීවනය කිරීමට අවශ්‍ය සම්පත් මුදාහරින ද්විපාර්ශ්වික ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ කඩිනමින් ගිවිසුමකට එක්සත් රාජධානීය සහාය ලබාදෙනු ඇති බව මම බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවට හැකි උපරිම අයුරින් ආර්ථික සහාය ලබාගැනීමට සහ ණය තිරසාරත්වය සැපයීමට සහායවීමට එක්සත් රාජධානිය විසින් මෙම සංවිධාන හරහා සිදුකරනු ලබන ගෝලීය බලපෑම වැදගත් වනු ඇති බවයි මම සිතන්නේ.”

    “අයෝජන මුවාවෙන් රටවල් පාලනය කිරීමට චීනය සිදුකරනු ලබන බලපෑම ගැන මම වැඩි වශයෙන් සැලකිලිමත් වෙනවා. ශ්‍රී ලංකාවේ විශාලතම ද්වි පාර්ශ්වික ණයහිමියා ලෙස චීනයට ඩොලර් බිලියන 7ක මුදලක් ශ්‍රී ලංකාව පියවිය යුතු අතර චීනය සිදුකරනු ලබන බොහෝ ව්‍යාපෘතිවලින් එරටට ලැබී ඇත්තේ අවම ප්‍රතිලාභයක්.”

    “එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලාංකාවෙන් සිදුකරනු ලබන ආනයනයන් පසුගිය වසරේ 17%කින් පමණ ඉහළ ගොස් ඇති අතර එහි වටිනාකම ආසන්න වශයෙන් පවුම් බිලියනයක් පමණ වෙනවා. මම දකින්නේ එය ඉතා හොඳ අවස්ථාවක් ලෙසයි.”

    “දෙරට අතරට ඉතා ප්‍රයෝජනවත් වෙළෙඳපොලක් අද දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ලෙස ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා තිබෙනවා. එක්සත් රාජධානිය ගෝලීය වෙළෙඳ රාජ්‍යයක් ලෙස ගෝලීය වශයෙන් නව වෙළඳ අවස්ථා සොයමින් සිටින පසුබිමක අපගේ පැරණි මිතුරන් කෙරෙහි වගේම පොදුරාජ්‍ය මණ්ඩලයීය සමාජිකයින් ලෙස අවධානය යොමුකරන ලෙසද මම මෙහිදී යෝජනා කරන්න කැමතියි.”

    රාජ්‍ය අමාත්‍ය ඇන්ඩෘ මිචෙල්,

    “මගේ උගත් මිත්‍රයා ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සඳහා අප කරනු ලබන උපකාර පිළිබඳව මගෙන් විමසීමක් සිදුකරනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය අර්බුදය අවම කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් යටතේ හදිසි ආධාර ලබාදීම සිදුකරනවා.”

    “ඒ වගේම එක්සත් රාජධානිය ප්‍රමුඛ ජාත්‍යන්තර හවුල්කරුවන් සහ ශ්‍රී ලංකා රජය සමඟ ආර්ථික අර්බුදය විසඳීම සඳහා මෙන්ම ණය තිරසරභාවයට සහ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට සහාය වනවා.”

    “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඩොලර් බිලියන 03ක සිව් අවුරුදු වැඩසටහන වෙනුවෙන් ලබාදුන් අනුමැතිය අපි සාදරයෙන් පිළිගන්නවා. අපි ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අඛණ්ඩව සහාය දක්වන අතර, මෙම සාකච්ඡා සඳහා සාධනීය ලෙස සම්බන්ධවීමට සියලුම ණයහිමියන් දිරිමත් කරනු ලබනවා.”

    “චීනය ඇතුළු සියලුම ණයහිමියන් ශ්‍රී ලංකාවේ සහ තවත් බොහෝ රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවල ඵලදායී ලෙස නිරතවීමේ වැදගත්කම ද අප හඳුනාගත යුතුවනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇල්ලට එන ආදරවන්තයින්ට කරදර කළ අපරාධකරුවන් අත්අඩංගුවට

    May 14, 2026

    ගංගා ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

    May 14, 2026

    ඉදිරි පැය 36 තුළ පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට – අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ඇල්ලට එන ආදරවන්තයින්ට කරදර කළ අපරාධකරුවන් අත්අඩංගුවට

    May 14, 202600 Views

    ඇල්ල සංචාරක ස්ථාන වෙත පැමිණෙන තරුණ ආදරවන්තයන්ට අපරාධ රැසක් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.…

    ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය සහ ජවිපෙ ලේකම් අතර හමුවක්

    May 14, 2026

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    May 14, 2026

    ලෝක බලවතුන් දෙදෙනා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹෙයි

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.