Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 2026

    සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීට ඉඩ දුන් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම්

    May 14, 2026

    ඇල්ලට එන ආදරවන්තයින්ට කරදර කළ අපරාධකරුවන් අත්අඩංගුවට

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලැගුම් හලේ සිදුවූ දේ ප්‍රධාන සැකකරු පාපෝච්චාරණය කරයි
    Featured

    ලැගුම් හලේ සිදුවූ දේ ප්‍රධාන සැකකරු පාපෝච්චාරණය කරයි

    By LFNMay 10, 2023No Comments3 Mins Read348 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක උඩු මහලින් බිමට වැටී පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය හමුවේ පාපෝච්චරණය සිදුකර පවසා ඇත්තේ සිසුවිය අදාළ හෝටලයේ පස්වැනි මහලෙන් බිමට පැන්න බවය.

    ප්‍රධාන සැකකරු ඊයේ (09) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ, සීනිගම දේවාලයත් හික්කඩුව පොලීසියත් අතර ප්‍රදේශයේදීය.

    ඒ, කළුතර පොලීසියට ලද තොරතුරකට අනුවය.

    ඔහු කළුතර, ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි අයෙකි.

    සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිටින බවටත් ඔහු ඊයේ අලුයම මෝටර් රථයක් කුලී පදනම මත ලබාගැනීමට එම ප්‍රදේශයට පැමිණෙන බවටත් පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.

    ඒ අනුව, පොලිස් නිලධාරියෙකු උපායදූතයෙකු ලෙස සැරසී මෝටර් රථය ලබාදීම සඳහා අම්බලන්ගොඩ ප්‍රදේශයට ගිය ද සැකකරු අවස්ථා කිහිපයකදී විවිධ ස්ථානවලට පැමිණෙන ලෙස පොලිස් නිලධාරියාව විවිධ ස්ථානවලට ගෙන්වාගෙන තිබුණි.

    අනතුරුව ඔහු අම්බලන්ගොඩ ප්‍රදේශයේදීම මෝටර් රථයට ගොඩවී ඇති අතර එහි රියදුරු ලෙස සැරසී සිටි පොලිස් නිලධාරියා විසින් සූක්ෂම ලෙස සැකකරුව සීනිගම දේවාලයත්, හික්කඩුව පොලීසියත් අතර ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ.

    එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ කළුතර දකුණ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරුව අත්අඩංගුවට ගනු ලැබීය.

    එහිදී සැකකරු සතුව තිබී රුපියල් 95,000ක මුදලක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

    අනතුරුව සැකකරු කළුතර දකුණ පොලීසිය වෙත රැගෙන විත් ප්‍රකාශ සටහන් කරගැනුණු අතර එහිදී සැකකරු පාපෝච්චරණය කර ඇත්තේ, මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුවළ අතර සිටින පෙම්වතා මාර්ගයෙන් තමන් අදාළ පාසල් සිසුවිය හඳුනාගත් බවය.

    එමෙන්ම ඇයව මෙම සිදුවීමට පෙර කිසිඳු දිනකදී හමුවී නොමැති බවත් ඇය හා කිසිඳු සබඳතාවත් පවත්වා නොමැති බවත් සැකකරු පවසා තිබේ.

    තමන් ඇතුළු සිව්දෙනා ඉකුත් සෙනසුරාදා අදාළ ලැගුම්හලට ගොස් මත්පැන් පානය කළ බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් බව පොලීසිය පවසයි.

    අනෙක් යුවළ ලැගුම්හලෙන් පිටව ගිය පසු තමන් හා පාසල් සිසුවිය නිරුවත්ව කාමරය තුළ සිටිය ද ලිංගිකව එක් නොවූ බව සැකකරු පොලීසිය හමුවේ පාපෝච්චාරණය කර තිබේ.

    ඒ අතරතුර ඇයගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමතුමකට ඇය අසභ්‍ය වචනයෙන් කෝපයට පත්වී ප්‍රතිචාර දක්වා ඇති බවද සැකකරු පොලීසියට කළ පාපෝච්චාරණයේ සඳහන්ය.

    පසුව සිසුවිය කාමරයේ ජනේලයක් අසල වූ පුටුවකට නැග ජනේලයෙන් පිටතට පැන්න බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

    ඒ අනුව බියවූ තමන් එම ස්ථානයෙන් පළාගිය බව සැකකරු පොලීසියට පවසා තිබේ.

    පොලීසිය අනාවරණ කරගෙන ඇත්තේ එලෙස පළාගිය සැකකරු හොරණ ප්‍රදේශයේ සිටින ඔහුගේ දික්කසාද කළ කාන්තාවකගේ නිවසක රැඳීසිට අනතුරුව තවත් ලැගුම්හලකට ගොස් පැය කිහිපයක් එහි රැඳීසිට ඇති බවය.

    කෙසේවෙතත් සැකකරු පොලීසියට සිදුකළ පාපෝච්චාරණයේ සඳහන් කරුණුවල සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

    මේ අතර මියගිය පාසල් සිසුවියට ලද දුරකතන ඇමතුම සම්බන්ධයෙන් ඇයගේ දුරකතන දත්ත පරීක්ෂා කිරීමට නියමිතය.

    එමෙන්ම මියගිය සිසුවිය දූෂණයට ලක්වී නොමැති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන්වී තිබෙන බව පොලීසිය සඳහන් කළේය.

    මේ අතර අදාළ පාසල් සිසුවියගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, එය ඇය ලැගුම්හලට ගිය අනෙක් යුවළ අතර සිටි පෙම්වතා විසින් කළු ගඟට විසිකර ඇති බවය.

    අදාළ යුවළ සහ ප්‍රධාන සැකකරුට පළායෑමට උදව්කළ පුද්ගයෙකු මේ වනවිට මැයි 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    මේ අතර පාසල් සිසුවියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරුව ඔහුගේ කළුතර ඉසුරු උයන ප්‍රදේශය පිහිටි නිවස වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා අද පස්වරුවේ රැගෙනවිත් තිබුණි.

    අදාළ සිසුවියගේ දේහය කළුතර නාගොඩ පිහිටි නිවසේ තැන්පත් කර තිබු අතර අවසන් කටයුතු සඳහා ආගමික වතාවත් සිදුකිරීමේ අවස්ථාවට විශාල පිරිසක් සහභාගීවී තිබුණි.

    ඒ අනුව ඊ පස්වරුවේ කළුතර ඇටවිල පොදු සුසාන භූමියේදී ඇයගේ අවසන් කටයුතු සිදුකෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 2026

    සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීට ඉඩ දුන් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම්

    May 14, 2026

    ඇල්ලට එන ආදරවන්තයින්ට කරදර කළ අපරාධකරුවන් අත්අඩංගුවට

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 202602 Views

    උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත්…

    සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීට ඉඩ දුන් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම්

    May 14, 2026

    ඇල්ලට එන ආදරවන්තයින්ට කරදර කළ අපරාධකරුවන් අත්අඩංගුවට

    May 14, 2026

    ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය සහ ජවිපෙ ලේකම් අතර හමුවක්

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.