Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025

    කොළඹ හා කළුතර ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීමක්

    June 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම ජූලි සිට
    Featured

    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම ජූලි සිට

    By LFNMay 10, 2023No Comments2 Mins Read199 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් මෙම ජූලි මස 01 වනදා සිට ආරම්භ කිරීමට නියමිතය.

    මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඊට අදාළ ගැසට් පත්‍රය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලැබේ.

    මෙහිදී සංක්‍රාන්තික ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 2500.00 බැගින් 2023 දෙසැම්බර් 31 වනදා දක්වාද, අවදානමට ලක්වූ ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 5000.00 බැගින් 2024 මාර්තු 31 වනදා දක්වාද ලබාදීමට නියමිත ය.

    දුප්පත් ප්‍රතිලාභීන් 800,000ක් සඳහා මාසිකව රුපියල් 8500.00 බැගින් සහ අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සඳහා මාසිකව රුපියල් 15,000.00 බැගින් 2023 ජූලි 01 වනදා සිට වසර තුනක කාලයක් ලබාදීමට නියමිතය.

    දැනට සුබසාධක ප්‍රතිලාභ ලබන ආබාධිත තැනැත්තන් 72,000ක් සඳහා මාසිකව රුපියල් 5000.00 බැගින්ද, වකුගඩු ආධාර ලබන තැනැත්තන් 39,150ක් සඳහා රුපියල් 5000.00 බැගින්ද, වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් 416,667ක් සඳහා රුපියල් 2000.00 බැගින්ද ලබා දෙනු ඇත.

    සුබසාධක ප්‍රතිලාභ ලබාගැනීම සඳහා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 340කින් ලැබි තිබෙන අයදුම්පත් සංඛ්‍යාව 3,712,096 කි.

    මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි තොරතුරු තහවුරු කරගැනීමේ ක්‍රියාවලියෙන් 91.5% ක් (08) දිනය වනවිට අවසන් කර තිබේ.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත තේරීම් කමිටු හරහා එම දත්ත නිරීක්ෂණය කර, දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අනුමත කිරීමේ ක්‍රියාවලිය ද මේ වනවිට ආරම්භ කර ඇත.

    දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් වව්නියාව දිස්ත්‍රික්කයෙන් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 98 % කි.

    පිළිවෙළින් මහනුවර දිස්ත්‍රික්කයෙන් 96.5% ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් 96% ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් 96% ක් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 95.5% ක් ආදී වශයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අයදුම්පත් 3,362,040ක තොරතුරු තහවුරු කරගැනීම මේ වනවිට සිදුකර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025

    කොළඹ හා කළුතර ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීමක්

    June 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,916 Views
    Don't Miss

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 20250119 Views

    ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට ගෙන තිබූ…

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025

    කොළඹ හා කළුතර ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීමක්

    June 6, 2025

    දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි

    June 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.