එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන බලවේගය විසින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
එම පක්ෂයේ ඊයේ (08) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
එසේම ඔහුගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා සමගි ජන බලවේගය ප්රමුඛ පුළුල් සන්ධානයක් ගොඩනැගීමටත් ඒ සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට බලය පැවරීමටත් එහිදී තීරණය කර තිබේ.
මේ අතර පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණවලට එරෙහිව වන ඕනෑම අයෙකුට එරෙහිව වින ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බලය පැවරීමට ද එහිදී තීරණය කර ඇත.