ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කොටස් විකිණීමට අදාළව ඉදිරි මාස කිහිපය තුළ අයදුම්පත් කැඳවන බව එක්සත් අරාබි එමීරයේ, කලීජ් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් එහි ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටෝල් මහතා සඳහන් කර තිබේ.
තෝරාගත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ ශ්‍රීලන්කන් ගුවන් සේවයද ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙන බව රජය පසුගිය වසරේ නොවැම්බර් මසදී අනාවරණ කළේය.
මෙහිදී ඉන්දියාවේ ටාටා සමූහය ශ්‍රීලන්කන් ගුවන් සේවයේ බහුතර කොටස් මිලදී ගැනීම පිළිබඳ උනන්දුවක් දක්වන බවට වාර්තා ලැබී ඇති බව කලීජ් ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ.
ටාටා සමූහය ශ්‍රීලන්කන් ගුවන්සේවය මිලදී ගැනීමට උනන්දුවක් දක්වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක්වූ රිචඩ් නටෝල් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පිහිටීම සහ ගුවන් සේවය ඉන්දියාවට ක්‍රියාත්මක කරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව සැලකූ විට එය සැබැවින්ම ක්‍රමෝපාය අනිත් වාසිදායක ගනුදෙනුවක් වනු ඇති බවය.
ඉන්දීය ජාතික ගුවන් සේවාව පුද්ගලීකරණය සඳහා වසර හතරක් ගතවුවද, මෙම ප්‍රතිව්‍යුගතකරණ වැඩපිළිවෙළ වසරක් තුළ නිමාකිරීම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අරමුණ බවද ඔහු පවසා ඇත.