Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    21 දා ජන රැලියට ජාතික නිදහස් පෙරමුණත් නෑ

    November 8, 2025

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    November 8, 2025

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එක්වරම කෝටි 05ක් ආ බැංකු ගිණුම් දෙකක් තහනම් කරයි
    Featured

    එක්වරම කෝටි 05ක් ආ බැංකු ගිණුම් දෙකක් තහනම් කරයි

    By LFNMay 9, 2023No Comments1 Min Read209 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බවට අනාවරණය වූ පෞද්ගලික බැංකු දෙකක පවත්වාගෙන ගිය ගිණුම් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කර තිබේ.

    මෙලෙස බැංකු ගිණුම් අත්හිටුවා ඇත්තේ ගුණරත්න සුජිත් සිල්වා නොහොත් “හික්කඩුවේ ඉස්සෝ සුජි” නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකුගේ ගිණුම් දෙකකි.

    එම කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ අදාළ ගිණුම්වල රුපියල් කෝටි 05කට අධික මුදලක් තැන්පත් කර තිබූ බවය.

    විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ 2021 අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මාස 4ක් වැනි ඉතා කෙටි කාලයකදී එම මුදල් බැංකු ගතව ඇති බවය.

    පොලීසිය පැවසුවේ අදාළ ගිණුම්, මත්ද්‍රව්‍ය චෝදනාවකට මේ වන විට ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින පානදුර නල්ලූරුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකුගේ නමට අයත් බවට හඳුනාගෙන ඇති බවය.

    2021 අගෝස්තු 03වනදා සිදුකළ වැටලීමකදී හොරයින් ගෑම්12යි මිලිගෑම් 350ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8ක් සමග අත්අඩංගුවට ගත් පානදුර ප්‍රදේශයේ පදිංචි එම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

    එම සැකකරු “හික්කඩුවේ ඉස්සෝ සුජි” නමැත්තා ගේ මුදල් භාරකරු ලෙස කටයුතු කර ඇති අතර ඔහුගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම ද සිදුකර ඇති බව පොලීසිය පවසයි.

    නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසන්නේ අනතුරුව ඒ සම්බන්ධයෙන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ගිණුම් දෙකේ හිමිකාරීත්වය දරණ සැකකරු මම මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග ලබාගත් බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    21 දා ජන රැලියට ජාතික නිදහස් පෙරමුණත් නෑ

    November 8, 2025

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    November 8, 2025

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,398 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    21 දා ජන රැලියට ජාතික නිදහස් පෙරමුණත් නෑ

    November 8, 20250121 Views

    නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැලියට සැලසුම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම…

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    November 8, 2025

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025

    හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

    November 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.