අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මෙම සතිය තුළ සාමාන්‍ය තත්වයට පත්වනු ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එක් එක් විෂයන් හි පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා අවශ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විභාග දෙපාර්තමේන්තුව විසින් අදාළ දැනුම්දීම් මේ වන විට සිදුකර ඇති බවය.
එම අචාර්යවරුන්ගේ අන්‍යතාව හෙළි නොකිරීම සාමාන්‍ය සම්ප්රදාය වන බැවින් ඒ සඳහා සහභාගී වන්නන් හෝ ඒ පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් නොකරන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
කෙසේවෙතත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කාර්යයට අවශ්‍ය වන විශ්වවිද්‍යාල ගුරුවරුන් විභාග දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය හරහා අදාළ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කළේය.
ඒ අනුව මෙම සතිය තුළ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සාමාන්‍යකරණයට පත්වනු ඇත.
රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පසුගිය මාර්තු 9වන දා සිට වැඩ වර්ජනයක නිරත වු අතර මේ හේතුවෙන් පෙබරවාරී 22වන දා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට බාධා පැමිණියේය.
කෙසේවෙතත් පක්ෂ විපක්ෂ මෙන්ම දෙමව්පියන්ගෙන්ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව මත පළ වු අතර පසුව සාකච්ඡා වාර කිහිපයකින් පසු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කිරීමට ඔවුන් තීරණය කරනු ලැබීය.