Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

    March 7, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

    March 7, 2026

    බේරාගත් ඉරාන නැවියන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඇමති විජිත ඉන්දියාවේදී කියයි

    March 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹ තරුණයින් රැවටූ කාන්තාව අත්අඩංගුවට
    Featured

    කොළඹ තරුණයින් රැවටූ කාන්තාව අත්අඩංගුවට

    By LFNMay 8, 2023No Comments2 Mins Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදෙන බවට පවසමින් කොළඹ ප්‍රදේශයේ තරුණයින්ගෙන් මුදල් ලබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ති‌බේ.

    කොලොන්න ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක් රැඳී සිටිය දී එලෙස අත්අඩංගුවට පත්ව තිබුණි.

    එම කාන්තාව විසින් කොළඹ ප්‍රදේශයේ තරුණයින් 5දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් වංචා කළ ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී ඇත.

    මුදල් වංචාවට හසුවූ තරුණයින් විසින් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත යොමු කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

    රුමේනියාවේ සුපිරි වෙළෙඳසැලක මාසයකට රුපියල් දෙලක්ෂ හැත්තෑ පන්දහසක වැටුපකට රැකියාවට යවන බව පවසමින් අදාළ කාන්තාව එම තරුණයින්ගෙන් මුදල් වංචාකර ඇත.

    මාස හතරක කාලයක් තිස්සේ මුදල් ගත් අදාළ කාන්තාව තමන් රවටමින් සිටි බවත් එය වංචාවක් බව වැටහී ගිය බැවින් තමන් කාර්යාංශය වෙත පැමිණිලි කළ බවත් වංචාවට හසුවූ තරුණයින් පවසා තිබේ.

    එමෙන්ම එම පිරිසගේ ගමන් බලපත්‍ර සහ ඔවුන් සතු සහතික පත් අදාළ කාන්තාව විසින් ලබාගෙන ඇය විසින් එම ලියකියවිලි සඟවාගෙන තමන් වෙත නැවත භාරනොදී මඟහැර සිටි බවත් අදාළ තරුණයින් පැමිණිලි කර ඇත.

    ඒ අනුව විමර්ශනය කිරීමේදී රැකියා සඳහා ශ්‍රමිකයින් විදේශගත කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රයක් නොමැතිව එම කාන්තාව මෙම මුදල් වංචාවේ නිරත වී ඇති බව අනාවරණය කරගෙන තිබේ.

    වංචාව සිදුකළ කාන්තාවට විරුද්ධව ගොනුකළ පැමිණිල්ල පසුගිය 02 වනදා විභාගයට ගත් දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අදාළ කාන්තාව එළඹෙන 16 වනදා දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

    March 7, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

    March 7, 2026

    බේරාගත් ඉරාන නැවියන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඇමති විජිත ඉන්දියාවේදී කියයි

    March 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

    March 7, 20260120 Views

    2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 729ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක්…

    බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

    March 7, 2026

    බේරාගත් ඉරාන නැවියන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඇමති විජිත ඉන්දියාවේදී කියයි

    March 7, 2026

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.