Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

    March 7, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

    March 7, 2026

    බේරාගත් ඉරාන නැවියන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඇමති විජිත ඉන්දියාවේදී කියයි

    March 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩෙංගු ව්‍යාප්තිය පාලනයට විශේෂඥ කමිටුවක් – ගම්පහට වැඩි අවධානයක්
    Featured

    ඩෙංගු ව්‍යාප්තිය පාලනයට විශේෂඥ කමිටුවක් – ගම්පහට වැඩි අවධානයක්

    By LFNMay 8, 2023No Comments1 Min Read165 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුවන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් (08) දිනයේ එම දිස්ත්‍රික්කයට පිටත් කර හැරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවය.

    එම තත්ත්වය පාලනය කිරීම සඳහා ගතයුතු ක්ෂණික ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යෙදවීමට තීරණය කර තිබේ.

    මීට අමතරව රට තුළ පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් ද පත්කර ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ අතර බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විටත් කාර්ය සාධක බළකායක් පිහිටුවා ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා සඳහන් කළේය.

    බස්නාහිර පළාතේ පාසල් පරිශ්‍ර තුළ ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට විදුහල්පතිවරුන් වෙත හෙට දිනයේ චක්‍රලේඛයක් නිකුත් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නොනිස් මහතා සඳහන් කළේය.

    මේ අතර දිස්ත්‍රික් 15ක් ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එහි ජාතික සංවිධායක දිස්නක දිසානායක මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය පිළිබඳව කඩිනම් අවදානය යොමු නොකළ හොත් ඩෙංගු රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යා හැකි බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

    March 7, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

    March 7, 2026

    බේරාගත් ඉරාන නැවියන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඇමති විජිත ඉන්දියාවේදී කියයි

    March 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

    March 7, 20260120 Views

    2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 729ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක්…

    බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

    March 7, 2026

    බේරාගත් ඉරාන නැවියන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඇමති විජිත ඉන්දියාවේදී කියයි

    March 7, 2026

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.