Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩෙංගු ව්‍යාප්තිය පාලනයට විශේෂඥ කමිටුවක් – ගම්පහට වැඩි අවධානයක්
    Featured

    ඩෙංගු ව්‍යාප්තිය පාලනයට විශේෂඥ කමිටුවක් – ගම්පහට වැඩි අවධානයක්

    By LFNMay 8, 2023No Comments1 Min Read165 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුවන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් (08) දිනයේ එම දිස්ත්‍රික්කයට පිටත් කර හැරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවය.

    එම තත්ත්වය පාලනය කිරීම සඳහා ගතයුතු ක්ෂණික ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යෙදවීමට තීරණය කර තිබේ.

    මීට අමතරව රට තුළ පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් ද පත්කර ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ අතර බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විටත් කාර්ය සාධක බළකායක් පිහිටුවා ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා සඳහන් කළේය.

    බස්නාහිර පළාතේ පාසල් පරිශ්‍ර තුළ ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට විදුහල්පතිවරුන් වෙත හෙට දිනයේ චක්‍රලේඛයක් නිකුත් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නොනිස් මහතා සඳහන් කළේය.

    මේ අතර දිස්ත්‍රික් 15ක් ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එහි ජාතික සංවිධායක දිස්නක දිසානායක මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය පිළිබඳව කඩිනම් අවදානය යොමු නොකළ හොත් ඩෙංගු රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යා හැකි බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,365 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 20250119 Views

    රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරාගැනීම රජයේ…

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025

    වැටුප් විෂමතාව ඇතුළු විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට කඩිනම් විසදුම්

    September 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.