Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලක්ෂ ගණනක වංචාවකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයෙකු අත්අඩංගුවට

    May 14, 2026

    දිස්ත්‍රික්ක 11කට නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

    May 14, 2026

    තෙල්දෙණියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි – පස් දෙනෙකුට තුවාල

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රක්ෂණ මුදල් ගන්න බිරිඳව මැරූ සිද්ධියේ තවත් තොරතුරු එළියට
    Featured

    රක්ෂණ මුදල් ගන්න බිරිඳව මැරූ සිද්ධියේ තවත් තොරතුරු එළියට

    By LFNMay 7, 2023No Comments2 Mins Read303 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් කෝටි 3ක පමණ වන රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා තම 40 හැවිරිදි බිරිය ඝාතනය කළ 25 හැවිරිදි තරුණයා පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ, අදාළ තරුණයා තම මිත්‍රයෙකු යොදවා රිය අනතුරක් සිදුකර එම කාන්තාව ඝාතනය කර ඇති බවය.

    පිටිගල මානම්පිට, තල්ගස්වල නියාගම ප්‍රාදේශීය සභාව අසල මාර්ගය අයිනේ රැඳීසිටි කාන්තාවක් පසුගිය 30වනදා සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.

    ජීප් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබූ අතර පසුව එය පැදවූ පුද්ගලයා ජීප් රථයත් සමග එම ස්ථානයෙන් පළාගොස් තිබුණි.

    අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ 40 හැවිරිදි නිරෝෂා උදයංගනී නමැති කාන්තාවකි.

    මියගිය කාන්තාවගේ 25 හැවිරිදි සැමියා ඇය සමග අනතුර සිදුවූ ස්ථානයට යතුරුපැදියකින් පැමිණ ඇති අතර ඔහු ඇයව එම ස්ථානයේ බස්සවා ඇයගේ හිස් ආවරණයද රැගෙන ගොස් ඇත්තේ එය ලබාගත් පුද්ගලයාට දීමට අවශ්‍ය බව පවසමිනි.

    ඉන් පසුව එම ස්ථානයේදී අතරතුර සිදුවී ඇත.

    පසුව ඒ පිළිබඳව පිටිගල පොලීසිය විසින් විමර්ශන ආරම්භ කළ අතර පළමුව අනතුර සිදුකළ ජීප් රථය සොයාගෙන තිබුණි.

    සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ ජීප් රථය කුලී පදනම මත මියගිය කාන්තාවගේ සැමියා හා ඔහුගේ මිතුරෙකු විසින් ලබාගෙන ඇති බවය.

    අනතුරුව පොලීසිය විසින් මියගිය කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ.

    එහිදී අනාවරණ වී ඇත්තේ, මියගිය කාන්තාවගේ සැමියාගේ උපදෙස් මත රියඅනතුර සිදුකර ඇති බවය.

    මීට මාස 10කට පමණ පෙර ඔවුන් දෙදෙනා විවාහවී ඇති බවත් අනතුරුව අදාළ කාන්තාව ඝාතනය කිරීම සඳහා තමා සැලසුම් කළ බවත් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබේ.

    සංවිධානාත්මකව ඔහු විසින් තම බිරිඳව ඝාතනය කර ඇත්තේ, ඇය විදෙස්ගත සිටියදී උපයාගත් මුදල් ලබාගැනීම සහ ඇයගේ ජීවිත රක්ෂණ 3 සතුව ඇති රුපියල් කෝටි 3ක පමණ මුදල ලබාගැනීමට බවත් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලීසිය අනාවරණ කරගෙන ඇත.

    මේ අතර රිය අනතුර සිදුකිරීම සඳහා පැමිණි ජීප් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලක්ෂ ගණනක වංචාවකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයෙකු අත්අඩංගුවට

    May 14, 2026

    තෙල්දෙණියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි – පස් දෙනෙකුට තුවාල

    May 14, 2026

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,437 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ලක්ෂ ගණනක වංචාවකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයෙකු අත්අඩංගුවට

    May 14, 202601 Views

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ…

    දිස්ත්‍රික්ක 11කට නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

    May 14, 2026

    තෙල්දෙණියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි – පස් දෙනෙකුට තුවාල

    May 14, 2026

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.