Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩුප්ලිකේට් සෙව්වන්දිට බිස්කට් කැවූ සැරයන්වරයාගේ වැඩතහනම්

    December 16, 2025

    සී.බී. රත්නායකට ඇප

    December 16, 2025

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොදුරාජ්‍ය මණ්ඩලීය නායක හමුවේදී ජනපතිගෙන් ඉල්ලීමක්
    Featured

    පොදුරාජ්‍ය මණ්ඩලීය නායක හමුවේදී ජනපතිගෙන් ඉල්ලීමක්

    By LFNMay 6, 2023No Comments2 Mins Read211 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායක හමුවකට සහභාගීවී තිබේ.

    එංගලන්තයේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පස්වරුවේ මෙම හමුව සිදුවී ඇත.

    පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 56ක නායකයින් ඊට එක්වී තිබේ.

    එය පැවැත්වුණේ තුන්වන චාර්ල්ස් රජුගේ ප්‍රධානත්වයෙනි.

    ඊට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ද එක්වී තිබේ.

    මෙම වසර පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණයින්ගේ වසර ලෙස නම් කිරීමට ද මෙම සමුළුවේදී තීරණය කර තිබේ.

    එම රාජ්‍ය නායක හමුවේදී අදහස් දක්වමින් චාර්ල්ස් රජු ප්‍රකාශ කර ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලය තම ජීවිතයේ ප්‍රමුඛස්ථානයක පවතින අතර එම රටවල සාරධර්ම සහ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවය.

    මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වූ බවය.

    එහිදී තරුණ සහභාගීත්වය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහාය දැක්වීමේදී පොදුරාජ්‍ය මණ්ඩලයේ වැදගත්කම අවධාරණය කර ඇති ජනාධිපතිවරයා, ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන ලෙස ඉල්ලා තිබේ.

    ඔහු ඝානා ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද එක්වූ අතර සමුළුවට සමගාමීව පැවැත්වූ ‘Fireside Chat’ වැඩසටහනට මහාචාර්ය වික්‍රමසිංහ මහත්මිය සහභාගීවී තිබේ.

    මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රුවන්ඩා ජනාධිපති ලන්ඩන් නුවරදී හමුවී දෙරට අතර කෘෂිකර්මාන්ත, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කරගැනීම පිළිබඳ මෙන්ම එහි ඉදිරි කටයුතු සොයා බැලීමට දෙරටේ අමාත්‍යවරුන්ගේ හමුවක් පිළිබඳව සාකච්ඡා කර ඇත.

    දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරගැනීම පිළිබඳව ද නායකයන්ගේ අවධානය යොමුවී තිබේ.

    ස්වභාවික විපත්වලදී කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබඳ පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්හි සහාය ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම හමුවේදී එකඟතාව පළකර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩුප්ලිකේට් සෙව්වන්දිට බිස්කට් කැවූ සැරයන්වරයාගේ වැඩතහනම්

    December 16, 2025

    සී.බී. රත්නායකට ඇප

    December 16, 2025

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ඩුප්ලිකේට් සෙව්වන්දිට බිස්කට් කැවූ සැරයන්වරයාගේ වැඩතහනම්

    December 16, 20250122 Views

    අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව…

    සී.බී. රත්නායකට ඇප

    December 16, 2025

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.