Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෝටි එකහමාරේ කොල්ලයට තිදෙනෙක් අත්අඩංගුවට
    Featured

    කෝටි එකහමාරේ කොල්ලයට තිදෙනෙක් අත්අඩංගුවට

    By LFNMay 6, 2023No Comments2 Mins Read187 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් බිඳ රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා රන් භාණ්ඩ සහ විදේශීය මුදල් සොරාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    බොරැල්ලේ පිහිටි නිවසක් තුළ මෙම සොරකම සිදුවී තිබුණි.

    සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘කබර සුරේශ්’ නමින් හඳුන්වන පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙකි.

    සැකකරුවන් සතුව තිබී හොරොයින් මත්කුඩු ග්‍රෑම් 06කට ආසන්න ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

    සැකකරුවන් අතර පිටකොටුවේ ‘බබා’ නමැති කාන්තාව ද වන බව පොලීසිය කියයි.

    සැකකරුවන් දෙදෙනාගෙන් සහ සැකකාරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සොරාගෙන තිබූ දේපළවලින් රන් මාල දෙකක්, මුදු දෙකක්, පෙන්ඩන් දෙකක් හා උණු කරන ලද කැරට් 22යි ග්‍රෑම් 22ක රන් ගුලියක්, කැරට් 18යි ග්‍රෑම් 15ක රන් ගුලියක්, ස්ටර්ලිං පවුම් 50හේ මුදල් නෝට්ටු 17ක්, 100 ඩොලර් නෝට්ටු 05ක් පොලිස් භාරයට ගෙන ඇත.

    ඉකුත් වසරේ දෙසැම්බර් 10 වනදා ‘කබර සුරේෂ්’ නමැති සැකකරු බොරැල්ල කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස බිඳ එම රන් භාණ්ඩ සහ මුදල් පිටකොටුවේ බබා නමැති කාන්තාවට ලබාදී ඇති අතර සැකකාරිය විසින් රන් භාණ්ඩ රාගම, ඒකල, කැලණිය හා පිටකොටුව ප්‍රදේශවලට උකස් කර තිබූ බවත් විදේශීය මුදල් තොගය විදේශිකයන්ට මත් කුඩු සපයන ‘ගයිඩ්’ නමැති පුද්ගලයායෙකුට ලබාදී මාරු කරගෙන තිබූ බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

    එම සැකකරුවන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂක බණ්ඩාර සහ මධුරංග යන නිලධාරීන්ට ලද තොරතුරු අනුව කිරුළපන සහ කොළඹ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

    කිරුළපන ප්‍රදේශයේ පදිංචි ‘කබර සුරේෂ්’ නමැත්තා සොරකම් ගණනාවකට සම්බන්ධව වසර 10ක් සිරගතව සිට ඉකුත් අගෝස්තු මස 22 වනදා ඇප මත පැමිණ ඇති අතර දෙසැම්බර් 10 වනදා කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස බිඳ දේපළ සොරාගෙන තිබූ බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලීසිය කියයි.

    දෙසැම්බර් 15 වනදා සැකකරු හෙරොයින් මත්කුඩු සමග වත්තලදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබුණත් ව්‍යාජ නමක් ලබාදීම හේතුවෙන් පෙර වැරදි සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලීසිය පවසයි.

    සැකකරුවන් වයස අවුරුදු 42, 46 හා 53 අතර පසුවන්නන් ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202603 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.