Close Menu
Lanka Focus News
    What's Hot

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අතුරුගිරියේ සාහසික ඝාතනය ගැන තවත් තොරතුරු
    Featured

    අතුරුගිරියේ සාහසික ඝාතනය ගැන තවත් තොරතුරු

    By LFNMay 4, 2023No Comments2 Mins Read275 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලී මෝලක් තුළ එහි හිමිකාරිනියට තියුණු ආයුධයකින් මුඛයට පහරදී සාහසික ලෙස සිදුකළ ඝාතනයක් පිළිබඳව අතුරුගිරිය ප්‍රදේශයෙන් වාර්තා විය.

    ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

    අතුරුගිරිය ගොඩගම පාර ප්‍රදේශයේ එනම් අතුරුගිරිය පොලීසියේ සිට මීටර් 100ක් පමණ දුරින් පිහිටි ලී මඩුවක් තුළ තියුණු ආයුධයකින් පහරදී ඊයේ පස්වරුවේ එහි හිමිකාර කාන්තාව මෙලෙස ඝාතනය කර තිබුණි.

    පොලීසිය පැවසුවේ අදාළ කාන්තාවගේ මුහුණට හා මුඛයට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවය.

    පොලීසියට ලද තොරතුරකට අනුව සිරුර සොයාගන්නා විටත් ඇයගේ මුඛය තුළ ඝාතනය සඳහා භාවිත කළ පිහිය සිරවී තිබී ඇති බව වාර්තා වෙයි.

    එම ලී මඩුවෙහි පසුපස කොටසේ තවත් පුද්ගලයෙකු සිහිසුන්ව වැටී සිටියදී සොයාගත් පොලීසිය ඔහුව ද රෝහල්ගත කර තිබුණි.

    ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ අසධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබයි.

    පොලීසිය පැවසුවේ අදාළ පුද්ගලයාගේ හිසෙහි පසුපසට දැඩි තුවාල සිදුවී ඇති බවය.

    අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය හා අතුරුගිරිය පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්වී විමර්ශන ආරම්භ කර තිබුණි.

    එහිදී අනාවරණ වී ඇත්තේ මියගිය කාන්තාව 62 හැවිරිදි මංගලිකා මහවත්ත නම් කාන්තාවක් වන අතර තුවාල ලබා රෝහල්ගත කර සිටින පුද්ගලයා එහි වඩුකාර්මිකයෙකු වන මයිලංගම ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයකු බවය.

    මියගිය කාන්තාව ඊයේ පෙරවරු 8ට පමණ අදාළ ලී මෝල වෙත පැමිණ ඇති අතර මෙම සිදුවීම ඊයේ දහවල් 11ත් 2ත් අතර සිදුවී ඇති බවට පොලීසිය සැක පළකරයි.

    ඝාතනයට පෙර ඇය යම් කිසි ව්‍යාපාර ගනුදෙනුවක් ද සිදුකර ඇතැයි පොලීසියට අනාවරණ වී තිබේ.

    ඝාතකයා එහිදී තුවාල ලැබූ පුද්ගලයා පසු පස එලවා විත් ලී මඩුව පසුපසදී ඔහුගේ හිසට පහරදී ඇත්තේ ඔහු තමාව හඳුනා ගැනීම නිසා විය හැකි බවට පොලීසිය සැක කරයි.

    වඩුකාර්මිකයා නිවසට නොපැමිණීම නිසා ඔහුගේ බිරිඳ හා දරුවා පොලීසියට කළ පැමිණිල්ලකින් පසු සිදු කළ සෝදිසියේදී පොලීසිය විසින් මිය ගිය කාන්තාව හා තුවාල ලබා සිටින වඩු කාර්මිකයාව සොයා ගෙන තිබේ.

    කෙසේවෙතත් ඝාතකයන් හෝ ඝාතනය සිදුකිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

    එමෙන්ම ඝාතකයා කිසිවක් කොල්ලකා නොමැති බවට ද වාර්තා වෙයි.

    ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කළ පොලීසියට කිසිඳු සැකසහිත පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් හඳුනාගැනීමට ද මෙතෙක් හැකි වී නොමැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 202604 Views

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (25) වීථි සංචාරය කිරීමට…

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.