Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලක්ෂ ගණනක වංචාවකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයෙකු අත්අඩංගුවට

    May 14, 2026

    දිස්ත්‍රික්ක 11කට නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

    May 14, 2026

    තෙල්දෙණියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි – පස් දෙනෙකුට තුවාල

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චීන සමාගමකින් මෙරටට ඩොලර් බිලියන 02ක ආයෝජනයක්
    Featured

    චීන සමාගමකින් මෙරටට ඩොලර් බිලියන 02ක ආයෝජනයක්

    By LFNMay 3, 2023No Comments1 Min Read198 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීන රජය සතු ප්‍රධාන සමාගමක් විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 02 ක ආයෝජනයක් සිදුකරමින් ශ්‍රී ලංකාවේ සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

    චයිනා මර්චන්ට්ස් ගෲප් (CMG) සමාගම විසින් කොළඹ වරායේ විශාල සේවා සැපයුම් මධ්‍යස්ථාන සංකීර්ණයක ආයෝජනය කිරීමට කටයුතු කරනු ලබන අතර එහි ඇස්තමේන්තුගත ඉදිකිරීම් පිරිවැය පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 392 ක් ලෙස ගණන් බලා ඇත.

    පසුගිය වසරේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග විදෙස් ණය ගෙවීමේ කටයුතු පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රධාන විදේශ ආයෝජනය ලෙසයි මෙය සලකනු ලබන්නේ.

    සේවා සැපයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතිය මගින් චයිනා මර්චන්ට්ස් ගෲප් මගින් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 2 කට වැඩි ප්‍රමාණයකට ගෙන යනු ඇති අතර එය ආර්ථික අර්බුදයෙන් පසු මෙරටට ලැබෙන විශාලතම විදේශ ආයෝජනය බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

    දකුණු ආසියාවේ විශාලතම සැපයුම් මධ්‍යස්ථානය ලෙස මෙම ව්‍යාපෘතිය 2025 වර්ෂය අවසානය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

    මිට අමතරව චයිනා මර්චන්ට්ස් ගෲප් සමාගම විසින් හම්බන්තොට වරාය සංකීර්ණය ද කළමනාකරණය කරනු ලැබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලක්ෂ ගණනක වංචාවකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයෙකු අත්අඩංගුවට

    May 14, 2026

    තෙල්දෙණියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි – පස් දෙනෙකුට තුවාල

    May 14, 2026

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,437 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ලක්ෂ ගණනක වංචාවකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයෙකු අත්අඩංගුවට

    May 14, 202601 Views

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ…

    දිස්ත්‍රික්ක 11කට නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

    May 14, 2026

    තෙල්දෙණියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි – පස් දෙනෙකුට තුවාල

    May 14, 2026

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.