Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

    March 7, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

    March 7, 2026

    බේරාගත් ඉරාන නැවියන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඇමති විජිත ඉන්දියාවේදී කියයි

    March 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහදවල් ව්‍යාපාරිකයෙකුව කොල්ලකයි
    Featured

    මහදවල් ව්‍යාපාරිකයෙකුව කොල්ලකයි

    By LFNMay 2, 2023No Comments2 Mins Read186 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගල්කිස්ස ප්‍රදේශයේදී ඊයේ (01) දහවල් ව්‍යාපාරිකයෙකුව කොල්ලකා තිබේ.

    එහිදී සැකකරුවන් විසින් අදාළ ව්‍යාපාරිකයා පැළැඳ සිටි පවුම් 28ක් බරැති රුපියල් ලක්ෂ 60කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සහ ලක්ෂ 02ක පමණ මුදලක් කොල්ලකා පළාගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි.

    තියුණු ආයුධ සමග ගල්කිස්ස පීරිස් පාරේ වෙළෙඳසලකට ඇතුළුවී මෙම කොල්ලය සිදුකර තිබේ.

    පොලීසිය සඳහන් කළේ කොල්ලකා ඇති රන් භාණ්ඩ අතර පවුම් 5ක් සහ 7ක් බර අත් පළඳනා දෙකක්, පවුම් 12ක මාලයක්, පවුම් 1ක් සහ 1 1/2 බර පෙන්ඩන් දෙකක්, පවුම් 1ක් සහ පවුම් 1/2ක් බර සුර දෙකක් ද ඇති බවය.

    එම අවස්ථාවේදී වෙළෙඳසැලේ සේවකයින් 08 දෙනෙකු පමණ සිට ඇති අතර එකවරම වෙළෙඳසැල තුළට ඇතුළුවී ඇති කොල්ලකරුවන් ව්‍යාපාරිකයාගේ ගෙලට තියුණු ආයුධයක් තබා කොල්ලය සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

    කොළ පැහැති ත්‍රීරෝද රථයකින් කොල්ලකරුවන් පැමිණි බවද හෙළිවී තිබේ.

    වැඩිදුරටත් හෙළිවී ඇත්තේ ව්‍යාපාරිකයා සතු රන්භාණ්ඩ කොල්ලකෑමෙන් පසු සැකකරුවන් පළායෑමට සූදානම් වී නැවතත් පැමිණ කවුන්ටරයේ තිබූ මුදල් ද රැගෙන පළාගොස් තිබූ බවය.

    සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය ඔස්සේ විමර්ශනය සිදුකළ පොලීසියට අනාවරණය වී ඇත්තේ අදාළ ත්‍රීරෝද රථය මීට දින කිහිපයකට පෙර දෙහිවල ප්‍රදේශයෙන් සොරාගත් එකක් බවටය.

    සිද්ධියට සම්බන්ධ කොල්ලකරුවන් දෙදෙනාව මේ වනවිටත් හඳුනාගෙන ඇති බවද පොලීසිය සඳහන් කළේය.

    ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරි සමන් ජයසේකර ගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත ඇතුළු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

    March 7, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

    March 7, 2026

    බේරාගත් ඉරාන නැවියන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඇමති විජිත ඉන්දියාවේදී කියයි

    March 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

    March 7, 20260120 Views

    2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 729ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක්…

    බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

    March 7, 2026

    බේරාගත් ඉරාන නැවියන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඇමති විජිත ඉන්දියාවේදී කියයි

    March 7, 2026

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.