Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරුවට එරෙහි අජිත්ගේ ලිපියට පරීක්ෂණයක්
    Featured

    මාරුවට එරෙහි අජිත්ගේ ලිපියට පරීක්ෂණයක්

    By LFNApril 29, 2023No Comments2 Mins Read283 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු පලාත් බාර ව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ ස්ථාන මාරු කිරීමට එරෙහිව ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාට යවන ලද ලිපියේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පත් කිරීමට නියමිතව ඇත.

    මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පත් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් ඒකමතික තීරණයක්ගෙන තිබිණි.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයාට මෙම ලිපිය ඉකුත් 25 වැනිදාය.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාට ස්ථාන මාරුව ලබාදීමට කලින් අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 13 ගේ දෙනකුගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇතැයි කියයි.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයාට යැවූ ලිපියේ ද සඳහන් කර තිබේ.

    එම නිසා එම සාකච්ඡාවට සහභාගි වූ පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දහතුන් දෙනා ද කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇතැයි කියති.

    දකුණු පලාත් භළාත් බාර ව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ස්ථාන මාරුවීම ලබා දෙනු ලැබුවේ ජාතික පොලිස් කොමිසමේ පූර්ණ අනුමැතියට යටත්ව බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා ලංකාදීපයට ප්‍රකාශයක් කරමින් පැවසීය.

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව තමාට ලබා දී ඇති අනීතික ස්ථාන මාරු නියෝගය ක්‍රියාත්මක කිරීමට තමා බැඳී නොමැති බව සඳහන් කරමින් දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාට ද ලිඛිතව දැනුම් දී තිබිණි.

    රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් සිදු කිරීමට බලය ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවට වන අතර එම කොමිෂන් සභාව මගින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මාරුකිරීම් අනුමත කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලයක් ලබාදී නොමැති බව ද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ලේකම් වරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202602 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.