අද (29) පෙ.ව.11.00 සිට එදින රාත්‍රී 9.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ, කොළොන්නාව පොම්පාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින්,
කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ග.