ගම්පොළ, උඩවැල්ල ප්‍රදේශයේ හත් හැවිරිදි දැරියක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය විසින් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.
උණ රෝගයක් වැළඳීම හේතුවෙන් රජයේ රෝහලකින් නිකුත් කළ පැරසිටමෝල් අධි මාත්‍රාවක් හේතුවෙන් එම දැරිය මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
උණ රෝගය වැළඳී ඇති එම දැරිය මව්පියන් විසින් කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් තිබුණා. රෝහලේ වෛද්‍යවරයා නිර්දේශ කළ ඖෂධ එම රෝහලේ ඖෂාධාගාරයෙන්ම ලබාගෙන දැරියට ලබාදුන්නද රෝගයෙහි අඩුවක් දක්නට නොලැබූ බව ඥාතීන් පවසනවා.
ඉන් අනතුරුව දැරිය ගම්පොළ රෝහල වෙත මව්පියන් විසින් රැගෙන ගොස් ඇති අතර එහිදී කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහලන් නිකුත් කළ ඖෂධ පරීක්ෂා කර තිබෙනවා. එහිදී අනාවරණයවී ඇත්තේ එම රෝහලෙන් ඖෂධ අධි මාත්‍රාවකින් ලබාදී ඇති බවයි.
අසාධ්‍යවූ දැරිය ගම්පොළ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකර ඇති අතර එම අවස්ථාවේදී වෛද්‍යවරුන් විසින් නිර්වින්දනය කරනු ලැබූ දැරිය නැවත සිහිය නොලබා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.