Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අජිත් රෝහණ ගැන පොලිස් කොමිසම තීරණයක් ගනී
    Featured

    අජිත් රෝහණ ගැන පොලිස් කොමිසම තීරණයක් ගනී

    By LFNApril 27, 2023No Comments3 Mins Read247 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දැරූ අජිත් රෝහණ මහතාව නැගෙනහිර පළාත වෙත මාරු නොකර පොලිස් මූලස්ථානය වෙත මාරු කිරීමට තීරණය කර ඇති බව ජාතික පොලිස් කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

    වැඩිදුරටත් වාර්තා වන්නේ මෙම තීරණය කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් ඒකමතිකව ගෙන ඇති බවය.

    එමෙන්ම ඔහුගේ ලිපියේ සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇති බව ද එම ආරංචිමාර්ග පවසනවා.

    තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අද දිනයේදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අජිත් රෝහණ සහ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ජාතික පොලිස් කොමිසම වෙත පැමිණ පැමිණිලි ඉදිරිපත් කළේය.

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාව මත මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකුට ඊයේ දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබුණි.

    ඒ ලලිත් පතිනායක , අජිත් රෝහණ , ප්‍රියන්ත වීරසූරිය , සජීව මැදවත්ත , ඩබ්ලිව් කේ ජයලත් , රන්මල් කොඩිතුවක්කු සහ ඩබ්ලිව් කේ සිල්වා යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටය.

    කෙසේවෙතත් අජිත් රෝහණ සහ ප්‍රියන්ත වීරසූරිය යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මේ පිළිබඳව ලිපි මගින් පොලිස් කොමිසමට සිය කනස්සල්ල පළකර තිබුණි.

    ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා තම ස්ථාන මාරුව සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වෙත යොමු කළ ලිපියේ දැක්වෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ගෙන ඇති මෙම තීරණය ද්වේෂ සහගත, අනීතික සහ අහේතුක තීන්දුවක් බවය.

    අමාත්‍යවරයා පසුගිය අප්‍රේල් මස 18වැනිදා සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කැඳවා තමා විසින් පොලිස්පතිවරයාගේ උපදෙස් මත සකස් කළ ලිපියක් සම්බන්ධයෙන් තමන්ට තරවටු කළ බව ද එම ලිපියේ සඳහන්ව ඇත.

    එමෙන්ම පොලිස්පති තනතුර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වාර්තා පිළිබඳවත් ඔහු එහිදී තමා වෙත චෝදනාවක් එල්ල කළ බවත් එහිදී තමා වෙත ස්ථාන මාරුවක් ලබාදෙන බවට ඉඟි පළකළ බවත් ඔහු සඳහන් කර තිබේ.

    මෙම හමුවෙන් අනතුරුව තමා වෙනම ඔහුගේ කාර්යාලය වෙත කැඳවා දකුණු පළාත පොලිසියේ පාලනයෙන් ගිලිහී ඇතැයි පැවසු බවත්, එය සත්‍යයක් බව සිතන්නේ නම්, ගෙවුණු කාලයේදී දකුණු සහ බස්නාහිර පළාත්වල පොලීසියට අදාළ අපරාධ දත්ත, වෙඩිතැබීමේ සිදුවීම් සහ වෙනත් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පරික්ෂාකර, සොයාබලා සංසන්දනය කරන ලෙසට තමා පොලිස් කොමිසමට ආරාධනා කරන බවත් ලිපියෙහි සඳහන්ව තිබේ.

    අමාත්‍යවරයා මේ සියලු ද්වේශසහගත කටයුතු සිදුකරමින් තමා පීඩාවට පත් කරන්නේ එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ආරක්ෂා කරගැනීම සඳහා බව එහි දැක්වෙයි.

    එබැවින් තමාගේ ගැටලුව සලකා බලා, තමාට ස්ථාන මාරු කිරීමට ලබා දී ඇති ද්වේශසහගත නිර්දේශය අනුමත නොකරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා තිබුණි.

    මේ අතර දැනට මධ්‍යම පලාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය හොබවන ප්‍රියන්ත වීරසූරිය මහතා ද පොලිස් කොමිසමේ සභාපතිවරයා වෙත තමන්ගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ලිපියක් යොමුකර තිබේ.

    මෑතකදී මෙලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට හේතු නොදක්වමින් හදිසි ස්ථාන මරු ලබාදෙන ආකාරයක් තමා නිරීක්ෂණ කර තිබෙන බවත්, මේ හේතුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර වියවුල් සහගත තත්ත්වයක් මතුව ඇති බවත් එම ලිපියේ සඳහන්ව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.