සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සදහා දුම්රිය ස්ථාන ආශ්‍රිතව පාපැදි කුලී පදනම මත ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පිළිබදව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදි අවධානය යොමුවිය. මෙම කාරක සභාව ඊයේ (25) පාර්ලිමේන්තුවේදි රැස්විය.
ඒ අනුව අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන ලේකම්වරයාට කාරක සභාව උපදෙස් දුන්නේය.