හමුදාව සහ සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම් ඇවිලී තිබෙන සුඩානයේ සිරවී සිටින ඉන්දියානුවන් සමග රජය අඛණ්ඩව සම්බන්ධවී සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසයි.
ගැටුම් මධ්‍යයේ ඉන්දියානුවන් රැසක් සුඩානය තුළ සිටින බවද විදේශ අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව මෙම අවස්ථාවේදී කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන ඔවුන්ට උපදෙස් ලබාදෙන බවද ඉන්දියාව පවසයි.