සිව්දරු මවක ඝාතනය කර ඇයගේ ගෙල බැඳි රන් මාලය සහ කරාබු ජෝඩුව පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.
ළිඳුල පොලිස් වසමට අයත් වොල්ට්රිම් වතුයායේ තම දියණියගේ නිවසේ රැදි සිටි සිව්දරු මවක්ව ඊයේ (21) එසේ ඝාතනය කර ඇති බව ළිඳුල පොලීසිය පැවසිය.
මෙසේ ඝාතනය කර ඇත්තේ වෙන්ගඩාසලම් සත්යභාමා නැමති 68 හැවිරිදි සිව්දරු මවකි.
අද උදෑසන දියණිය සහ බැණා රැකියාව සඳහා පිටත්ව යාමෙන් අනතුරුව නිවසේ රැඳී සිටි මිණිබිරියද නිවසින් බැහැරව ගිය අවස්ථාවේදී නිවසට ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දි ඇය ඝාතනය කර ඇති බව පොලීසිය පැවසීය.