Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අධික උණුසුම හේතුවෙන් මානසික රෝග ඉහළ යාමේ අවදානමක්
    Featured

    අධික උණුසුම හේතුවෙන් මානසික රෝග ඉහළ යාමේ අවදානමක්

    By LFNApril 21, 2023No Comments1 Min Read275 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඉහළ යා හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.

    ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මේ හේතුවෙන් මිනිසුන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු විය හැකි බවය.

    එමගින් මිනිසුන් විවිධ අපරාධවලට යොමු විය හැකි බවද පෙන්වා දෙන විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසන්නේ මෙම කරුණු පිළිබඳව අවධානය යොමුකළ යුතු බවය.

    මේ අතර මානසික රෝගවලට බෙහෙත් බොන පුද්ගලයින්ගේ පිපාසය අඩු බවත් ඒ නිසා ඔවුන් විජලනයට ලක් විය හැකි බවත් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.

    එසේම අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් දරුවන්ගේ සිතීමේ හැකියාව අඩුවිය හැකි බවත් එමගින් දරුවන්ට අධ්‍යාපනික ගැටලු ඇතිවිය හැකි බවත් පවසයි.

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකරන්නේ, මෙම තත්ත්වය මැයි මාසය අවසන් වන තෙක් පවතිනු ඇති බවය.

    දින කිහිපයක සිට පැවතෙන උණුසුම් කාලගුණික තත්ත්වය හුමවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටී.

    ගතවූ පැය විසි හතර තුළ වැඩිම උෂ්ණත්වය වාර්තා වුණේ පොළොන්නරුවෙනි.

    එය සෙල්සියස් අංශක 36.7 කි.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, නිරිත දිග මෝසම සක්‍රීය වනතෙක් මෙම තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවය.

    උණුසුම් කාලගුණයෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින කාලසීමාවක ප්‍රදේශ කිහිපයකට ඊයේ පස්වරුවේ වැසි ඇද හැලුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.