Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    March 7, 2026

    වියළි කාලගුණික තත්ත්වය තවදුරටත්

    March 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්දුනීසියා යුද නැවක් කොළඹට
    Featured

    ඉන්දුනීසියා යුද නැවක් කොළඹට

    By LFNApril 21, 2023No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Bima Suci’ පුහුණු නෞකාව සුහද සංචාරයක් සඳහා අද දින (2023 අප්‍රේල් 20) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

    මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘KRI Bima Suci’ නෞකාව (Sailing Ship), දිගින් මීටර් 112.2 ක් හා නැව් මුළුව 95 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස Commander M. Sati Lubis කටයුතු කරනු ලබයි.

    ‘KRI Bima Suci’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් අද දින (2023 අප්‍රේල් 20) බටහිර නාවික විධාන මුලස්ථානයේ දී සිදු කෙරුණු අතර, එහිදී දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

    මෙම නෞකාව මෙරට රැඳී සිටින කාල සීමාව තුළ එහි නැව් මුළුව විසින් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාර සිදු කිරීමට නියමිතව ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුවන නිලධාරීන් මෙම පුහුණු නෞකාව නැරඹීමටද නියමිතව ඇත.

    තවද, මෙම සුහද සංචාරය නිමාකරමින් 2023 අප්‍රේල් මස 22 වන දින ‘KRI Bima Suci’ නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී පුහුණු සංචාරයක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුවන නිලධාරීන් දෙදෙනෙකු (02) නෞකාවට අනුයුක්ත වීමටද නියමිතව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    March 7, 2026

    වියළි කාලගුණික තත්ත්වය තවදුරටත්

    March 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 20260121 Views

    රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී ඉරානයේ…

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    March 7, 2026

    වියළි කාලගුණික තත්ත්වය තවදුරටත්

    March 7, 2026

    බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසේ දැන් වැඩිහිටි නිවාසයක් – වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

    March 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.