Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අද කාලගුණය වෙනස්වෙන්නේ මෙහෙමයි
    Featured

    අද කාලගුණය වෙනස්වෙන්නේ මෙහෙමයි

    By LFNApril 21, 2023No Comments1 Min Read177 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් අද දිනයේ තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද දිනයට අදාළ කාලගුණ වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.

    මේ අතර බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

    ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක රැසක උෂ්ණත්වය අද දිනයේ අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ බස්නාහිර, වයඹ, උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ශරීරයට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර දක්වා ඉහළ යා හැකි බවය.

    මෙම උෂ්ණාධික කාළගුණ තත්වය හමුවේ වැඩ කටයුතු කිරීමේදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතුවෙයි.

    විශේෂයෙන් වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයින් පිළීබදව සැළකිලිමත් විය යුතු බවද කාලගුණ බලධාරීන් සදහන් කළේය.

    ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල පමණක් අද දිනයේ සාමාන්‍ය උෂ්ණත්වයක් අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.