Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

    September 13, 2025

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපතිගේ කතාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රතිචාරය
    Featured

    ජනපතිගේ කතාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රතිචාරය

    By LFNApril 20, 2023No Comments2 Mins Read195 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වෘත්තිමය ගැටලු මඟහැර යෑමේ උපක්‍රමයක් ලෙස එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම අනුමත නොකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

    එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා බලධාරීන් සාධනීය ලෙස කටයුතු කිරීම වැදගත් බවය.

    ජනාධිපති කාර්යාලයේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ලබන සතිය වන විට උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමට ගුරුවරුන් යොමු නොවන්නේ නම් හදිසි නීතිය යටතේ අධ්‍යාපනය ද අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන බවය.

    මේ සම්බන්ධයෙන් “මාධ්‍ය” කළ විමසීමකට පිළිතුරු දෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා මෙසේ අදහස් පළ කළේය.

    “යම්කිසි සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් විය යුත්තේ, ඒ සේවාවේ තිබෙන වැදගත්කම සහ ඒ සේවාව හරහා රටේ ජනතාවට ලබාදෙන්න පුළුවන් සේවය පිළිබඳ සලකලා. එහෙම නැතුව යම්කිසි වෘත්තියක නියැලි පිරිසක් තමන්ගේ වෘත්තීය ගැටලු ගැන කතා කරනකොට ඒ ප්‍රශ්නවලින් මඟහැර යෑමේ පිළිවෙතක් විදියට. එහෙම නැත්නම් ඒ පුද්ගලයින්ව බයගන්වලා හෝ ඒ පුද්ගලයින්ගෙන් බලහත්කාරයෙන් වැඩගැනීම සහ ඒ වගේ චේතනාවන් ප්‍රමුඛ කරගෙන එක් එක් සේවාවන් මේ රටේ අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරන ආකාරය පහුගිය කාලයේ වරින් වර අත්දැකි සිදුවීමක්. ඒ වගේ දෙයක් පදනම් කරගෙන යම්කිසි සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරනවා කියන එක අපිට අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සන්තෝෂ වෙනවා අධ්‍යාපන කේෂ්ත්‍රය ගැන අවධානය යොමුවීම ගැන රටේ ඉහළම තැන්වලින්. නමුත් අවධානය යොමුවිය යුත්තේ මේ ආකාරයට නෙමෙයි. අධ්‍යාපන කේෂ්ත්‍රයේ දැවැන්ත ගැටලු තියෙනවා. ඒවා විසඳලා මේක අත්‍යවශ්‍ය සේවාවක් කරනවා නම් හොඳයි කියන එක තමා අපේ මතය.”

    අපොස උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සම්බන්ධයෙන් ද මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා මෙසේ පැහැදිලි කළේය.

    “උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ වෙන්න විශ්වවිද්‍යාල ආචාර්යවරු කිහිප වතාවක් ප්‍රකාශ කරලා තියෙනවා. අපි මේ කාර්යයෙන් තාවකාලිකව ඈත් වුණේ, යම්කිසි සහනයක් බලාපොරොත්තුව මේ බදු ප්‍රශ්නයට. ඉතින් තාවකාලික සහනයක් හෝ ලැබෙයි කියන බලාපොරොත්තුව අපි තුළ තියෙනවා. යම් යම් සාධනීය ලකුණු ඒ පිළිබඳව මතුවෙමින් පවතිනවා. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විධායක කමිටුව තමා සියලු තීරණ ගන්නේ. මෙහෙ ඉන්න නිලධාරීන් නෙමෙයි. විධායක කමිටුවේ අපි රැස්වෙලා ඉදිරි දින කිහිපය තුළ අපිට පුළුවන් උපරිම දෙයක් කරන්න අපි සුදානමින් ඉන්නවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,365 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

    September 13, 202502 Views

    රුසියාවේ කම්චැට්කා වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූකම්පන තත්ත්වයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රික්ටර්…

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.