අවුරුදු නෑගම් ගොස් යළි නිවස කරා පැමිණෙමින් සිටි එකම පවුලේ පිරිසක් රැගත් ත්රීරෝද රථයක් හෝමාගම ගොඩගම හංදිය ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් අවුරුදු තුන හමාරක් වයසැති දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (18) අලුයම 1.30ට පමණ අදාළ ත්රීරෝද රථය ඉදිරියෙන් ගමන්ගත් ත්රීරෝද රථයකට ඉස්සර කිරීමට යෑමේ දී විරුද්ධ දිශාවෙන් පැමිණි තවත් ත්රීරෝද රථයක ගැටී පෙරළී යෑමෙන් අනතුර සිදුව ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ, මාදුලාව ප්රදේශයේ පදිංචිව සිටි අබිරු කේසර නමැති කුඩා දරුවෙකි.
මියගිය දරුවාගේ මව, පියා සහ සහෝදරයෙකු බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
ජීවිතක්ෂයට පත්වූ දරුවා සිය මව්පියන් සමග කිරුපන ප්රදේශයේ ඥාති නිවසකට අවුරුදු නෑගම් ගොස් යළි නිවස බලා එමින් සිටිය දී අනතුරට මුහුණ දී තිබේ.
ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්රීරෝද රථ රියදුරුගේ බීමත්කම හා අපරික්ෂාකාරී රිය ධාවනයට අනතුරට හේතුවී ඇති බව අනාවරණය වී ඇත.
මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.