Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    March 7, 2026

    වියළි කාලගුණික තත්ත්වය තවදුරටත්

    March 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුපියල් බිලියන 206ක සුබසාධන ප්‍රතිලාභ ජූලි සිට
    Featured

    රුපියල් බිලියන 206ක සුබසාධන ප්‍රතිලාභ ජූලි සිට

    By LFNApril 18, 2023No Comments2 Mins Read196 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සුබසාධන ප්‍රතිලාභ පනතේ විධිවිධාන අනුව සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයක් පිළියෙල කර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අද (18) කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    2002 අංක 24 දරණ සුභසාධන ප්‍රතිලාභ පනතේ විධිවිධාන ප්‍රකාරව,

    *සුබසාධක ප්‍රතිලාභ ලබන්නන්ගේ මුළු සංඛ්‍යාව
    *ක්‍රියාත්මක කිරීම ආරම්භ වන දිනය
    *යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට වැය වන පිරිවැය…යන කරුණු නිශ්චිතව සඳහන් කර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව, ගැසට් පත්‍රයේ පළකර අදාළ ප්‍රතිලාභ දීමනා ගෙවීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුවේ.

    ඒ අනුව, ක්‍රියාත්මත කළ යුතු සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයක් පිළියෙල කිරීමට මාර්ගෝපදේශ ලබාගැනීම සඳහා තාක්ෂණික කමිටුවක් ජනාධිපති ලේකම්වරයා විසින් පත්කර ඇති බව සඳහන්ය.

    එකී තාක්ෂණික කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කරුණු ද සැලකිල්ලට ගෙන, දරිද්‍රතා පරතරය මත පදනම්ව සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු සමාජ කණ්ඩායම් සඳහා සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්ක කිරීමට සැලසුම් කෙරෙයි.

    එසේම දැනට ප්‍රතිලාභ ලබන වෙනස් හැකියාවන් සහිත තැනැත්තන්, හඳුනානොගත් හේතූන් මත වූ වකුගඩු රෝගීන් සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වෙනම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබේ.

    ඒ අනුව, යෝජිත සුබසාධන ප්‍රතිලාභ ක්‍රමයන් 2023-07-01 දින සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා වැය වන මුළු වියදම වාර්ෂයකට රුපියල් බිලියන 206 පමණ වන බවට ගණනය කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    March 7, 2026

    වියළි කාලගුණික තත්ත්වය තවදුරටත්

    March 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 20260120 Views

    රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී ඉරානයේ…

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    March 7, 2026

    වියළි කාලගුණික තත්ත්වය තවදුරටත්

    March 7, 2026

    බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසේ දැන් වැඩිහිටි නිවාසයක් – වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

    March 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.