Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අප්‍රේල් 21ක් වනදා ජන පවුරක්
    Featured

    අප්‍රේල් 21ක් වනදා ජන පවුරක්

    By LFNApril 18, 2023No Comments2 Mins Read264 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරෙන එළඹෙන සිකුරාදා යුක්තිය ඉල්ලා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර දක්වා ජන පවුරක් සකස් කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.

    උන්වහන්සේ මේ බව සඳහන් කළේ අගරදගුරු මැදුරේ ඊයේ (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න කිහිපයකට ද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පිළිතුරු ලබා දුන්නේය.

    “පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සත්‍ය සහ යුක්තිය ඉල්ලා අප්‍රේල් 21 සිකුරාදා ශක්තිමත් ජන පවුරක් ඉදිකරන්න ජාති ආගම් භේදයකින් තොරව එකතුවෙන ලෙසට අපි අපේ රටේ සියලුම පුරවැසියන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ජන පවුර හදන්නේ අප්‍රේල් 21 උදේ 8 සිට පෙරවරු 9 දක්වා කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවපිටිය දේවස්ථානය දක්වා කොළඹ මීගමු මහ මාර්ගයේ.”

    “අපි මඟ දෙපස පාරේ ගමන් කරන වාහනවලට හෝ පුද්ගයින්ට බාධාවක් නොවන ආකාරයෙන් පාර දෙපස හිටගෙන ඉන්නවා පමණයි. අප්‍රේල් 21 පෙරවරු 8.45 ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන්නට කටයුතු කරනවා. පෙරවරු 9 සිට ආගමික මෙහෙයන් සිදුකරනවා.”

    මාධ්‍යවේදියා – දඩ මුදල් නියමවූ සමහර අය කියනවා පිටකොටුව බෝ ගහ අසලට ගිහින් එම මුදල එකතු කරනවා කියලා ?

    කාදිනල් හිමියන් – “ඒ අය දැනගන්න ඕනේ ඒ සල්ලි හොයලා දෙන්න. එයාලට ඒවා කරන්න බැරිකමක් ඇති පුද්ගලයෝ නෙමෙයි. පිටකොටුවේ බෝ ගහ ළඟ එකතු කළත් මට ප්‍රශ්නයක් නැහැ.. වගකීම ඉෂ්ට නොකර කරපු විනාශයට වන්දි ගෙවන්න ඕනේ. ඉන්දියානු බුද්ධි අංශ 04 පාරක් දැන්වුවා. එදා උදේ පණිවුඩයවත් ගණන් ගත්තේ නැහැ. එක call එකක් දුන්නානම් පල්ලි ටික වහනවා.”

    “ප්‍රහාරයට යුක්තිය ඉෂ්ට කරනවා කියා පොරොන්දු වෙලා පොරොන්දු ඉෂ්ට නොකරපු ජනාධිපතිට ගෙදර යන්න වුණා. අපි ගිහින් එළියට ඇදලා දැම්මා නෙමෙයි. ඒක යම් අධ්‍යාත්මික අත්දැකීමක්. සත්‍ය යටපත් කරන්න කවුරුහරි කටයුතු කරනවා නම් ඒ අයට සිද්ධ වෙන්නෙත් අර දේමයි. ඒ බව මතක තියාගන්න ඕනේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.