Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 2026

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇය ආදරය කළ ජපානය ඇයගේ ජීවිතය නැති කළා – සඳමාලිගේ සහෝදරිය
    Featured

    ඇය ආදරය කළ ජපානය ඇයගේ ජීවිතය නැති කළා – සඳමාලිගේ සහෝදරිය

    By LFNApril 8, 2023No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2021 මාර්තු මස 06 වන දින ජපානයේ නගෝයා රැඳවුම් මධ්‍යස්ථානයේ නිසි ප්‍රතිකාර නොමැතිව විශ්මා සඳමාලි රත්නායක මියගිය ආකාරය ඇතුළත් සී.සී.ටී.වී. දර්ශන පළමු වරට මාධ්‍යයට ඉදිරිපත් වී තිබේ.

    තමන්ට හුස්ම ගැනීම අපහසු බවට සඳමාලි පැවසුවත් රැඳවුම් මධ්‍යස්ථාන බලධාරීන් ඊට කිසිදු ප්‍රතිචාරක් නොදක්වන ආකාරය ද එම දර්ශනවල ඇතුළත් ය.

    විශ්මා සඳමාලි රත්නායක ශිෂ්‍ය වීසා යටතේ ජපානයට යන්නේ 2017 වසරේදීය.

    වීසා කාලය ඉකුත්වීමත් සමග සරණාගතභාවයට ඉල්ලුම් කරන ඇයට ජපාන බලධාරීන්ගෙන් අවසර හිමිවන්නේ නැත.

    වීසා නීති උල්ලංඝනය කිරීම යටතේ 2020දී අත්අඩංගුවට පත්වන සඳමාලි රඳවා තබන්නේ ජපානයේ නගෝයා රැඳවුම් මධ්‍යස්ථානයේය.

    මාස ගණනක් තිස්සේ කඳවුරක සිටින ඇය රෝගී තත්ත්වයට පත්වන්නේ, 2021 ජනවාරි මාසයේදී යි.

    වෛද්‍ය වාර්තාවලට අනුව වමනය, උදරාබාධ ඇතුළු විවිධ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන ඇයගේ තත්ත්වය දරුණු වන්නේ නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීමෙනි.

    මේ අතරවාරයේදී සඳමාලිගේ බර කිලෝග්‍රෑම් 19 කින් අඩුවන අතර, තනිව සිටගැනීම, ඇඳුම් මාරුකිරීමට පවා නොහැකි තරම් දුර්වල තත්ත්වයට පත්වී තිබේ.

    අවසානයේ කඳවුරේ තාවකාලික වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කළත් සඳමාලිට එහිදී කිසිදු ප්‍රතිකාරයක් ලබාදී නොමැත.

    විශ්මා සඳමාලි රෝගී බවට මවාපෑමක් සිදු කරන බව සිතූ බලධාරීන් මාර්තු මස 4 වනදා ඇය මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කර තිබුණි.

    එහිදී ඇයට කිසිදු මානසික රෝගී තත්ත්වයක් නැති බවට අනාවරණ වුවත් සඳමාලිට මානසික රෝගීන් සඳහා දෙන ඖෂධ සහ නිදි පෙති ලබාදී තිබේ.

    කෙසේවෙතත් 2021 මාර්තු 06 වනදා නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් විශ්මා සඳමාලි ජීවිතයට සමුදුන් අතර ඇයගේ දේහය හඳුනා ගැනීම සඳහා ඇයගේ පවුලේ සාමාජිකයින් ජපානය වෙත කැඳවා තිබුණි.

    සඳමාලිගේ සිරුර හඳුනා ගන්නා සොහොයුරියන් 2021 නොවැම්බර් මස රැදවුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ඇතුළු නිලධාරීන්ට එරෙහිව නගෝයා දිස්ත්‍රික් අධිකරණයේ නඩුවක් ගොනුකරනු ලබයි.

    එහිදී ජපාන රජයේ පාර්ශ්වය නියෝජනය කරන නීතිඥයින් අධිකරණයට පවසන්නේ, වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම රැඳවුම් මධ්‍යස්ථාන ප්‍රධානීන්ගේ අභිමතය අනුව සිදුවන බවය.

    කෙසේවෙතත් විශ්මාගේ අවසන් මරණ පරීක්ෂණ වාර්තාවේ මරණයට නිශ්චිත හේතුවක් නොමැතිවීම ගැටලු සහගත තත්ත්වයකි.

    එහිදී නඩුව ගොනුකළ වයෝමි රත්නායක සහ පූර්ණිමා රත්නායක යන සොහොයුරියන්ගේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, සඳමාලි රැඳී සිටි කුටියේ CCTV දර්ශන ලබාදෙන ලෙසය.

    ඊට ප්‍රතිචාර දක්වන ජපාන රජය 2021 පෙබරවාරි 22 වනදා සිට මාර්තු 6 වනදා දක්වා සඳමාලි රැඳී සිටි කුටියේ CCTV දර්ශන අධිකරණයට ඉදිරිපත් කරනු ලබයි.

    ඒ අනුව මීට වසර දෙකකට පෙර අධිකරණයට ඉදිරිපත් කෙරුණු CCTV දර්ශන පළමු වරට මාධ්‍යයට නිකුත් වන්නේ, සඳමාලිගේ මරණය පිළිබඳව ලොව පුරා දැඩි කම්පනයක් ඇතිකරමිනි.

    ආහාර සහ නිසි ප්‍රතිකාර නොමැතිව ජපානයේ නගෝයා රැඳවුම් මධ්‍යස්ථානයේ කඳවුරකදී මියගිය සඳමාලි රත්නායකට තවමත් සාධාරණයක් ඉටු වී නොමැත.

    කෙසේ වෙතත් මේ සි.සී.ටී.වී. දර්ශන ජපාන රජය, අධිකරණය සහ සඳමාලි වෙනුවෙන් පෙනී සිටින සිවිල් ක්‍රියාකාරීන් යළිත් අවදි කිරීමට සමත්වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 2026

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 20260116 Views

    දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ලබන අප්‍රේල් මස මැද දක්වාම අපේක්ෂා…

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026

    රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා විසඳන වැටුප් කොමිසම මෙම වසරේදී

    March 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.