Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොහොර නොගත් ගොවීන්ට දැනුම්දීමක්
    Featured

    පොහොර නොගත් ගොවීන්ට දැනුම්දීමක්

    By LFNApril 6, 2023No Comments2 Mins Read211 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙතෙක් TSP පොහොර හෙවත් මඩ පොහොර ලබා නොගත් ‌සියලුම ගොවීන් අප්‍රේල් මස 10 වනදාට පෙර ඒවා ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම්දෙයි.

    එම දිනයෙන් පසුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ඇති TSP පොහොර තොග යළි ප්‍රධාන ගබඩාවලට කැඳවීමට කටයුතු කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

    පොහොර බෙදාහැරීමේ ප්‍රගතිය පිළිබඳව රජයට අයත් පොහොර සමාගම් දෙකෙන් හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විමසා ඇති අතර TSP පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට බෙදා හැර අවසන් කර ඇති බවට එහිදී අනාවරණය වී තිබේ.

    ඊයේ (05) දිනය අවසන් වනවිට ගොවීන් 677,139 දෙනෙක් අතර එම පොහොර මෙට්‍රික් ටොන් 22,644ක් බෙදා හැර ඇති බව සඳහන්ය.

    මේ අතර, මිලදී ගත් වී සඳහා තවමත් ගෙවීම් සිදුකර නොමැතිවීම හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්යේ ගොවීන් මේ වනවිට දැඩි දුෂ්කරතාවකට පත්ව සිටී.

    ගොවීන් පවසන්නේ මේ තත්ත්වයන් හේතුවෙන් වි සඳහා නිසි මිලක් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවය.

    ගොවිතැන සිය ජීවනෝපාය කරගත් අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් මෙරට සමස්ත වී නිෂ්පාදනයට 22%ක දායකත්වයක් ලබාදෙයි.

    නමුත් මෙවර වී මිලදී ගැනීම සුළු හා මධ්‍ය පරිමාණ මෝල්හිමියන්ට පැවරීමත් සමග ගැටලු රැසක් නිර්මාණය වී තිබේ.

    වී මිලදී ගැනීමේ කෝටාවට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රික්ටොන් 90,000ක් , පොළොන්නරුවෙන් වී මෙට්‍රික්ටොන් 60,000 ක් ලබාගැනීමට තීරණය කළත් අම්පාරේ ගොවීන්ගෙන් මිලදී ගැනීමට තීරණය කර ඇත්තේ වී මෙට්‍රික්ටොන් 10,000ක් පමණය.

    අම්පාරේ ගොවින් පවසන්නේ වෙනදාට වී මෙට්‍රික්ටොන් 35,000 ක් පමණ ඔවුන්ගෙන් මිලදී ගන්නා බවය.

    වී සඳහා නිසි මිලක් නොමැති වීම, මිලදී ගත් වී සඳහා තවමත් ගොවීන්ට මුදල් ලබානොදීම යන ගැටලු හේතුවෙන් මහ කන්නය ආරම්භ කිරීම ගැටලු සහගත තත්ත්වයක් බවට පත්ව තිබේ.

    මහ කන්නයේ වගා කටයුතු සඳහා ජලය නිකුත් කර තිබුණත් මුදල් නොමැතීවීමෙන් සිය වගා කටයුතු සිදුකිරීමට නොහැකිව ඇති බව ගොවින් පවසයි.

    මෙවැනි පසුබිමක ගල්ඔය ව්‍යාපාරය යටතේ වී වගා කරන ගම්මාන කිහිපයක ගොවීන්ගෙන් මිලදී ගත් වී ගබඩා කිරීමට උහන කුමාරිගම පිහිටා ඇති වී අලෙවි මණ්ඩලයට අයත් වී ගබඩාවක් වසර 3 කට ආසන්න කාලයක සිට වල්වදිමින් ඇති අතර ගොවීන් පවසන්නේ එය වි ගබඩා කිරිම සඳහා සූදානම් කර දෙන ලෙසය.

    ගොවීන් පවසන්නේ හැකි ඉක්මණින් වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් කර නිසි මිලක් ලබාදී මහ කන්නය සාර්ථකව ආරම්භ කිරීම සඳහා තමන්ට සහය ලබාදෙන ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.