හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 92කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු සමග යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් ඉන්දීය ජාතිකයින් බවට අනාවරණය වී තිබේ.
නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම වැලිපර ආශ්රිත මුහුදු ප්‍රදේශය ඊයේ කළ විශේෂ වැටලීමකදී අදාළ සැකකටයුතු යාත්‍රාව පරීක්ෂා කර ඇත.
එම යාත්‍රාව තුළ උර 3ක් තුළ පාර්සල් 95ක අසුරා තිබියදී හෂීස් තොගය සොයාගත් බව නාවික හමුදාව පවසයි.
මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් සමග එම යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට නියමිතව ඇත.