Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
    Featured

    පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

    By LFNApril 4, 2023No Comments2 Mins Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උත්සව සමය වෙනුවෙන් පොලීසිය මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ සැලසුම් කිහිපයක් සකස් කර ඇති බව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

    එළඹෙන උත්සවය සමයේදී මහජනතාව වංචාවලට හසු නොවී සිටීම සඳහා දැනුවත් කිරීමට විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පවසයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නිහාල් තල්දූව මහතා පැවසුවේ විවිධ භාණ්ඩ මිලදීගැනීමේදී එම භාණ්ඩ පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතීද යන්න පිළිබඳ සැලකිල්ලක් දක්වන ලෙසටය.

    එසේම එහිදී අදාළ භාණ්ඩවල මිල ගණන් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් වංචාකාරී කූඨ වෙළෙන්දන්ට හසුනොවන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    මේ අතර උත්සව කාලයේදී ජාවරම්කරුවන් විසින් ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය සඳහා එක්කරන බවත් ඒ පිළිබඳ ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බව පොලීසිය පවසයි.

    එසේම මහජනතාව විශාල පිරිසක් එක්රැස්වන ස්ථානයන්හි ගැට කපන්නන් ගැවසීමේ අවදානමක් පවතින බවද එවැනි ස්ථානවලදී තම මුදල් පසුම්බිය ප්‍රවේසම් කරගැනීමට වගබලාගන්නා ලෙසද පොලීසිය මහජනතාව වෙත දැනුම්දෙයි.

    එසේම භාණ්ඩ මිලදී ගැනීමට කුඩා දරුවන් සමඟ විවිධ ස්ථානවලට යන්නේ නම් එම අවස්ථාවලදී දරුවන්ට රන් ආභරණ පැළඳවීමෙන් වළකින ලෙසද පොලීසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

    මේ අතර වැඩිහිටි පුද්ගලයින් සමඟ එළඹෙන උත්සව සමයේ වෙළෙඳපොළ වෙත ගමන්කිරීමේදී ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව රැකගැනීමට මුඛ ආවරණ පැළඳීම සිදුකරන ලෙසද ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ඉල්ලා සිටී.

    රථවාහන ගාල්කර වෙනත් ස්ථානයක් කරා ගමන් කරයි නම් තමන් පැමිණි රථයේ දොරගුළු වැසුණු බවට මෙන්ම යතුරුපැදියක පැමිණියහොත් එහි හැඬලය අගුලු දමා ඇති බවට නිවැරදිව තහවුරු කරගන්නා ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    එසේම යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම් යතුරුපැදිවල තබා කිසිදු විටෙක පිටතට ගමන් නොකරන ලෙසද පොලීසිය ඉල්ලා සිටී.

    පිටතින් රථය නිරීක්ෂණය කිරීමේදී දර්ශනය වන වටිනා භාණ්ඩ රථය තුළ දමා නොයන ලෙසද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    මේ අතර නිවසින් දුර බැහැර යන්නේ නම් ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ නොකරන ලෙසද ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ඉල්ලා සිටී.

    එසේම දුර බැහැර රථවාහන පදවාගෙන යාමේදී අදාළ මාර්ගයන්හි තත්ත්වය එම ප්‍රදේශවල කාලගුණික තත්ත්වය පිළිබඳවද සැලකිලිමත් වියයුතු බව පොලීසිය මහජනතාව වෙත උපදෙස් ලබාදී ඇත.

    මේ අතර ඉදිරියේදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බැවින් කිසිදු හේතුවක් මත බීමතින් රිය ධාවනය නොකරන ලෙසද පොලීසිය මහජතාව වෙත දැනුම්දී සිටී.

    එසේම මෙම උත්සව කාලයේදී විවිධ විනෝද ගමන් සඳහා සහභාගී වීමේදී අනතුරුදායක ක්‍රියාකාරකම් සිදුකිරීමෙන් වළකින ලෙසද පොලීසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

    විශේෂයෙන් අනතුරුදායක ස්ථානවලින් දියනෑමෙන් වළකින ලෙසද පොලීසිය මහජනතාව වෙත දැනුම්දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.