Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට ගොඩගන්න කළ යුතු දේ – මහ බැංකු අධිපති
    Featured

    රට ගොඩගන්න කළ යුතු දේ – මහ බැංකු අධිපති

    By LFNApril 4, 2023No Comments2 Mins Read281 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට ගොඩනැගීමට නම් නිෂ්පාදනය සහ සේවා යන අංශ දෙකෙහිම සංවර්ධනය අවශ්‍ය බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පසුගිය (02) පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන පිළිබඳ විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යනාංශයන්හි ආචාර්යවරුන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ IMF වෙත 16 වතාවක් ගියද එම වැඩපිළිවෙල අසාර්ථක වූයේ යම් කොන්දේසි නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීමෙන් බවය.

    බදු පැකේජය ඉවත් කරන්න පුළුවන් ක්‍රම දෙකක් පවතින අතර මීට වඩා අය බදු ගෙවීමට එකතු කර ගැනීම හෝ රජයේ ආදායම් වැඩි කරගෙන යම් කිසි ආකාරයක වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම එම ක්‍රම දෙක බවද මහ බැංකු අධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා,

    “වෘත්තීය සමිතිවල සාකච්ඡාවකට එහා ගිය වෘත්තීය මට්ටමේ සාකච්ඡාවක් තමයි මෙතැන සිදුවෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත 16 වතාවක් ගිහිල්ලත් සාර්ථක වීමට නොහැකි වුණේ යම් කොන්දේසි නිසියාකාරව ක්‍රියාත්මක නොකළ නිසයි. සාකච්ඡා මාර්ගයකින් තමයි බදු වැඩි කිරීම සිදු වුනේ. දැන් ඒ ඇති කර ගත් එකඟතා ඉවත් කිරීම රටක් විදිහට ප්‍රායෝගික නැහැ. බදු පැකේජය ඉවත් කරන්න පුළුවන් ක්‍රම දෙකයි තිබෙන්නේ. එකක් තමයි මීට වඩා අය බදු ගෙවීමට එකතු කර ගැනීම. දෙවැනි ක්‍රමය තමයි රජයේ ආදායම් වැඩි කරගෙන යම් කිසි ආකාරයක වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම. මේ දෙකම කෙටි කාලයකින් කරන්න බැහැ. පෞද්ගලික අංශය යම් යම් වෙනස්කම් කරලා තිබෙනවා. මේක සාර්ථකව ක්‍රියාත්මක කළොත් ඊළඟ අවස්ථාවේ ජනතාවට සහනයක් ලබා දෙන්න පුළුවන්. ඉහළ ආදායම් ලබන පිරිස් තමයි මේ තත්ත්වය මාස 06ක කාලය දරා ගත නොහැකි බව කියමින් විවේචනය කරන්නේ.”

    “ඒ වගේම නිෂ්පාදිත ආර්ථිකය කියන්නේ යම් කිසි රටක් භාණ්ඩයක් නිපදවීම මගින් ලබා ගන්නා ආර්ථික වාසියයි. දළ දේශීය නිෂ්පාදනයෙන් ආදායම වැඩි වෙන්නේ භාණ්ඩ හා සේවා නිපදවීම තුළිනුයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දී අගය එකතු කිරීමක් සිදු වුණොත් මේ සභාවේ මතු වූ ආකාරයට විශාල ආදායම් ලබාගන්න හැකියාව තිබෙනවා. නමුත් තරුණ පරම්පරාව කෘෂිකර්මයට යොමුවීමට නම් එය මීට වඩා තවත් කාර්යක්ෂම විය යුතුයි. නමුත් දැන් පිටරට යන තරුණ තරුණියන් වැඩ කරන්නේ කෘෂිකර්මාන්තයේ නොවෙයි.ඔවුන් වැඩ කරන්නේ සේවා අංශයේයි .”

    “කෘෂිකර්මාන්තයේ දායකත්වය සියයට හතයි. නමුත් ඒ අංශයේ වැඩ කරන ප්‍රමාණය සියයට විසිහතයි. කෘෂිකර්ම නිෂ්පාදනය වැඩිදියුණු කිරීම තුළින් සේවා අංශයේ වැඩ කරන කෙනෙකුගේ ආදායම් ලබාගන්නට හැකි විය යුතුයි. රට ගොඩනඟන්න නම් නිෂ්පාදනය සහ සේවා යන අංශ දෙකෙහිම සංවර්ධනය අවශ්‍යයයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,394 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,340 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,562 Views
    Don't Miss

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 20250122 Views

    විදෙස් ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු විසින් ඉදිරිපත් කළ…

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025

    NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.