Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 2025

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන ආචාර්යවරුන්ගේ තීරණය
    Featured

    උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන ආචාර්යවරුන්ගේ තීරණය

    By LFNApril 2, 2023No Comments1 Min Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

    එහි සභාපති මහාචාර්යය ශ්‍යාම බන්නැහැක මහතා ප්‍රකාශ කළේ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි විසඳුමක් ලබා දෙන්නේනම් කඩිනමින් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බවය.

    “ඉතා පැහැදිලිව ප්‍රකාශකරනවා. මේ උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් අපි ඉවත් වෙනවා කියලා තීරණය කළේ.. මේ බදු ප්‍රතිපත්තිය නිසා අසාධාරණයට ලක්වෙන අපේ සාමාජිකයින්ට යම්කිසි සහනයක් අවශ්‍යයි කියන පදනමින්. වෙනත් කිසිම ඉල්ලීමක් මේකට ගැටගැහිලා නැහැ. ඒ සමගම ජාතිවාදී ප්‍රශ්නයක් ඇතිකරන්න හදනවා සිංහල මාධ්‍යයේ උත්තර පත්‍ර බැලීම පමණයි නොකෙරෙන්නේ. දෙමළ මාධ්‍යයේ උත්තර පත්‍ර බලනවා කියලා. මම ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. මෙතන සිංහලද දෙමළද කථාවක් නැහැ. මේ කටයුත්තට සහභාගී නොවන සියලුදෙනා විශ්වවිද්‍යාල ආචාර්යවරු පමණක් නෙමෙයි පාසල් ගුරුවරුත් ඒකට සහභාගී වෙන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වය දිගින් දිගටම ඇදි ඇදි යන එකට අපි වගකිවයුතු නැහැ. ඒ නිසා අපි වගකීමෙන් කියන්නේ. රජය සුබවාදී ප්‍රතිචාරයක් දක්වනවානම් අපි ඕනෑම මොහොතක මේ කටයුත්ත ආරම්භ කරන්න සූදානම් වෙනවා. අද මේකට විසඳුමක් දෙනවානම් හෙට පටන් අරගෙන මේ ඉදිරියට එන නිවාඩු දවස් කියලා නැහැ අපේ සාමාජිකයින් සූදානම් උත්තර පත්‍ර බැලීමට සූදානම්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 2025

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,918 Views
    Don't Miss

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 20250127 Views

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ (8) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ජනාධිපති…

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.